2020දී එජාප ආණ්ඩුවක් පිහිටු වීමට ශ්‍රීලනිපයේ වෑයමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 19, 2017

2020දී එජාප ආණ්ඩුවක් පිහිටු වීමට ශ්‍රීලනිපයේ වෑයමක්

2020දී එජාප ආණ්ඩුවක් පිහිටු වීමට ශ්‍රීලනිපයේ වෑයමක්
2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය හිමි කර දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උත්සාහ කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (18) තංගල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී මෙසේ අදහස් දැක්වීය.

“ඉතාමත්ම කණගාටුදායකයි.මොකද මේ දකුණේම අය තමයි මේ දකුණේ මිනිස්සුන්ව පාවා දෙන්නේ.බන්ධනාගාරයේ ඉන්නවා අමරවීර මහතාගේ දරුවාව හම්බු වෙන්න ඉන්න වෙලාවේදී වමනේ අහක් කරලා කෑම දීපු අම්මා පවා අද මේ බන්ධනාගාරයේ ඉන්නවා.අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හැරීම කරන්නෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධූරධාරීන්.පුත්තලම දිස්ත්‍රික්කයේ පත් කරලා තියෙන්නේ ගුරුවරයා දණ ගස්වපු කෙනෙක්ව.එතකොට කුරුණෑගල අර අලුත් පරපුරට ගහපු කෙනාව එහෙ සංවිධායකවරයා බවට පත් කරලා .

තියෙනවා.හම්බන්තොට නගරාධිපතිතුමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක බවට පත් කරලා තියෙනවා.ඔය සිද්ධීන් උඩ තමයි ආණ්ඩුව ගැන මිනිස්සු කළ කිරුණේ.” “එතකොට මේ කළකිරිච්ච මිනිස්සුන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක කමට දාපුවාම  මිනිස්සු තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් වෙනවනේ.2020දී යුඑන්පී එකේ ආණ්ඩුවක් පිහිටුවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරන වෑයමක් හැටියට තමයි මන් මේක දකින්නේ.පක්ෂේ සභාපති,ලේකම් එක්සත් ජාතික පක්ෂයේ මේ සියලුදෙනාම මහ බැංකු බැඳුම්කරයට අහු වෙලා ඉන්නවා.

ඊළඟට ජාත්‍යන්තර බැංකු හොරකමේ හංසයාගෙන්.ඒකෙ සභාපති, ලේකම් ඔක්කොම ඒකට අහුවෙලා ඉන්නවා.ආණ්ඩුව මැතිවරණයක් තියනකන් බලන් ඉන්නවා රටේ ජනතාව මේවට උත්තර දෙන්න.මැතිවරණය නිසා දැන් ආසනවල බඩු බෙදන්න පටන් අරන් තියෙනවා.එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මැතිවරණයේ බඩු බෙදුවයි කියලා අපේ අයව හිරගෙවල්වල දැම්මා.ඉතින් අනාගතයේදී ඔය බඩු බෙදන නිලධාරීන්ටත් මේවට වග කියන්න සිද්ධ වෙයි.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad