ශ්‍රී ලංකාවට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාවක්‌..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

ශ්‍රී ලංකාවට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාවක්‌..?

ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ මුහුදට විශාල ශබ්දයක්‌ නඟමින් කඩා වැටී ඇත්තේ චීනයේ මියෑන්ගොන් අභ්‍යවකාශ යානාවක්‌ බවට සැක පහළ වී ඇත.

මෙම අභ්‍යවකාශ යානාව තම පාලනයෙන් මිදී ඇති බවත් එය 2017 ඔක්‌තෝබර් සහ 2018 අප්‍රේල් පෘථිවියට කඩා වැටෙන බවත් චීන අභ්‍යවකාශ බලධාරීන් එක්‌සත්ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබුණි. ටොන් 8 ක්‌ බරැති මෙම අභ්‍යවකාශ යානාව පෘථිවියට එනවිට එහි කිලෝ 100 ක්‌වූ කැබලි බවට පත්වන බවද වාර්තා වී ඇත.

මෙයට පෙර ඇමෙරිකානු නාසා ආයතනය යෑවූ ටොන් 70 ක්‌ බර ස්‌කයිලැබ් අභ්‍යවකාශ යානාව ඔස්‌ටේ්‍රලියාවට ද රුසියාව උඩුගුවනට යෑවූ කොස්‌මෝස්‌ යානාව ඇµaගනිස්‌ථානයට ද කඩා වැටී තිබේ. ශ්‍රී ලංකාවේ දකුණු මුහුදට කඩා වැටුණේ චීන අභ්‍යවකාශ යානාව බවට චීනය මෙතෙක්‌ තහවුරු කර නැති අතර එය උල්කාපාතයක්‌ බවට ද වාර්තා වේ.

– Divaina

No comments:

Post a Comment

Post Bottom Ad