බෙලිඅත්ත ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධුරය බාර ගැනීමට මහින්ද සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

බෙලිඅත්ත ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායක ධුරය බාර ගැනීමට මහින්ද සූදානම්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොන්දේසි යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක ධුරය බාර ගැනීම සූදානම් බව ඒකාබද්ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හවුල් ආණ්ඩුවේ සිටින සියළු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් ආන්ඩුවෙන් ඉවත් වන්නේ නම් හිටපු ජනාධිපතිවරයා බෙලිඅත්ත නොව ඔ්නැම ආසනයක් බාර  ගැනීමට සූදානමින් සිටින බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි. ශ්‍රීලනිප කණ්ඩායමක් එජාපයේ ප්‍රතිපත්ති සමඟ සිටින තාක් කිසිදු ආසනය භාරගෙන වැඩක්‌ නැති බවත් පලමුව කල යුත්තේ ශ‍්‍රිලනිප මතය හා ප්‍රතිපත්ති මත එකට සිට ගැනීම බවද පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරයාට ශ‍්‍රිලනිප බෙලිඅත්ත ආසනය භාරගන්නැයි සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර කල ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙස මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ ඒකාබද්ද විපක්‍ෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad