ඝාතනයවූ විද්‍යා දැරියගේ වවුනියාවේ නිවසට ගිය ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 22, 2017

ඝාතනයවූ විද්‍යා දැරියගේ වවුනියාවේ නිවසට ගිය ජනපති


රටේ විශාල ආන්දෝලනයක් ඇති කරමින් දූෂණය කොට ඝාතනයට කරන ලද විද්‍යා දැරියගේ නිවසට යෑමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කළා. විද්‍යා දැරියගේ මව ඇතුළු පිරිස කළ ආරාධනයක් පරිදි මෙම ගමන සිදුවූයේ යාපනයේ පැවති උත්සවයකට ජනපති එක්වූ ගමනක අතරතුරයි. 

එම අවස්ථාවට ඇමති ගයන්ත ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් හා පොලිස්පති පූජිත යන මහතුන්ද එක් විය. එහිදී පවුලේ සුව දුක් විමසූ පසු විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු උපකාර සිදුකරන බව ජනාධිපතිවරයා පොරොන්දු විය.

විද්‍යා දැරියගේ ඝාතනය සිදු කළ අය අධිකරණ විභාගයෙන් අනතුරුව මේ වනවිට මරණ දඬුවමට ලක්ව ඇත.සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිවරයා දැක්වු සහය පිළිබදව මෙහිදී දැරියගේ මව ජනාධිපතිට සිය කෘතඥතාවය පළ කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad