දිනේෂ් සොයුරු ගීතාංජන ගංජා රියේ හැපී රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, October 22, 2017

දිනේෂ් සොයුරු ගීතාංජන ගංජා රියේ හැපී රෝහලේ


පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනගේ බාල සොයුරා වූ හිටපු නියෝජ්‍ය ඇමති ගීතාංජන ගුණවර්ධන මහතා හයිලෙවල් මාර්ගයේ කොස්ගම හංදිය අසලදී ඊයේ රාත‍්‍රියේ සිදුව ඇති රිය අනතුරකින්  තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඔහු ගමන් ගත් රථය තවත් මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබේ. අනෙක් මෝටර් රථය පොලීසිය පරීක්‍ෂා කිරීමේදී වේගයෙන් ගොස් ඇත්තේ වංචා සහගත ජාවාරමක් නිසා බව හෙළිව ඇත. වාහනයේ තිබී කේරල ගංජා කිලෝ දෙකක පමණ ප‍්‍රමාණයක් සොයාගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්  අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad