නිල්වලා බිලියන 4ක වංචවේ ෆයිල් ඇදේ.. වාරිමාර්ග හා ජලකලමණාකර අමාත්‍යංශ හිටපු ලේකම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

නිල්වලා බිලියන 4ක වංචවේ ෆයිල් ඇදේ.. වාරිමාර්ග හා ජලකලමණාකර අමාත්‍යංශ හිටපු ලේකම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ…

පසුගිය රජය සමයේ ආරම්භ කිරීමට කටයුතු කර තිබූ ගිං නිල්වලා හැරවුම් යෝජනා ක‍්‍රමය ව්‍යාපාතියෙන් රුපියල් මිලියන 4012ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වූයේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කල අයිවන් ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි ඊයේ දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.

අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බලමිනි. හිටපු ලේකම් අයිවන්ද සිල්වා මේ දිනවල නවසීලන්තයේ පදිංචිව සිටින්නේ යයිද දැන්වීම හේතුවෙන් අදාල වරෙන්තුන එරටට යැවීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන්ද නිකුත් කරන්නැයි අධිකරණය නියෝග කරනු ලැබීය.

2015 ජනවාරි 7වෙනිදා රුපියල් මිලියන 3012ක් අත්තිකාරම් ලෙස මුදල් අමාත්‍යාංශයේන් වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යාංශයට නිදහස් කරන අවස්ථාවේදි අමාත්‍යාංශය භාරව සිටි අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය. දින 100යේ ආණ්ඩුවේ වාරිමාර්ග හා ජල කලමාණාකරන හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් වූයේ ද දුමින්ද දිසානායකයි.

2015 අගෝස්තු මහ මැතිවරණය සමඟ අමාත්‍ය මණ්ඩලය වෙනස් වූ අතර වර්තමානයේදි එනම් මේ වනවිට වාරිමාර්ග හා ජල කලමාණාකරන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ශ්‍රිලනිප මන්ත්‍රී විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.

No comments:

Post a Comment

Post Bottom Ad