කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය මනාලයා සමග හිරවේ.. මංගල උත්සවය ජංජාලයක් වෙයි.. මනාලයා වන්දි ඉල්ලා නඩු යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය මනාලයා සමග හිරවේ.. මංගල උත්සවය ජංජාලයක් වෙයි.. මනාලයා වන්දි ඉල්ලා නඩු යයි..

තම විවාහ මංගල උත්සව දිනයේ කොළඹ කිංස්බරි හෝටලයේ විදුලි සෝපානය තුල සිරවී සිටීම නිසා විවාහයේ නැකැත් පවා ප‍්‍රමාද වී වු බව පවසමින් පුද්ගලයෙකු ලක්‍ෂ 50ක වන්දියක් ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා ඇත.

එදින සෝපානයේ සිර වී සිට දහදියෙන් තෙත්වී මහත් කම්පනයටත් ලැජ්ජාවටත් පත්ව නැකත් වේලාව ප‍්‍රමාද වී තිබූ නිසා සූදානම් කර සිටි පරිිදි නැටුම් කණ්ඩායම සහිතව පෙරහැරකින් ගමන් කිරීමද අත්හිටුවා රෙජිස්ට්‍රාර් ඉදිරියේ අත්සන් කලේ ප‍්‍රතිඥා දීම පවා සිදු නොකර බවද ඔහු සදහන් කරයි.

අදාල නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ඔහු කියා සිටියේ විදුලි සෝපානය හෝටලය විසින් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා තමන් එදින අසරණ තත්ත්වයට පත් වීමෙන් සිදුවූ පීඩාව වෙනුවෙන් මෙම වන්දි මුදල අය කර දෙන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad