ආනන්ද නාලන්ද මුස්ලිම් ගුරු පත්වීම් කතාව කෙප්පයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 17, 2017

ආනන්ද නාලන්ද මුස්ලිම් ගුරු පත්වීම් කතාව කෙප්පයක්

ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද  නාලන්ද විද්‍යාල වල ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් මාරු කර ඒ වෙනුවට මුස්ලිම් ගුරුවරුන් පත් කර ඇති බවත් ඒ මගින් අනාගතයේදී බෞද්ධ පාසල්
මුස්ලිම් මතවාදයට හැරවීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවත් කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිරුණ ආරංචිය අසත්‍යයක් බව වාර්තාවේ.

ආනන්ද නාලන්ද විද්‍යාලයන් දෙකට මෙන්ම අනෙකුත් සියලුම ජාතික පාසල්වල ගුරු මාරුවක් අමාත්‍යංශ මට්ටමින් සිදු කර තිබෙන්නේ ඊට අදාළ චක්‍ර ලේඛය ප්‍රකාරව වසර 10ක සේවා කල් පිරීම මත ලබාදෙන ස්ථාන මාරු පදනමිනි. සාමාන්‍යයෙන් මෙම ක්‍රමවේදය කලින් කල සිදු කරනු ලබන අතර ඒ යටතේ ජාතික පාසැල් 352ක ගුරුවරු 3000 කට ස්ථානමාරු මෙම වසරේ ලබාදී ඇත. 

එම මාරුව යටතේ ආනන්ද නාලන්ද විද්‍යාලයන් දෙකේ ගුරුවරුන්ද මාරුවී ඇති නමුත් මුස්ලිම් ජාතික ගුරුවරුන් එම පාසල් වලට අනුයුක්ත කර නැති බව අධ්‍යාපන අමාතයංශය තහවුරු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad