චෙක් ලියනකොට පරිස්සමින් – ලියලා මකන පෑන නිසා කෝටි ගණනක් අවදානමේ…! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

චෙක් ලියනකොට පරිස්සමින් – ලියලා මකන පෑන නිසා කෝටි ගණනක් අවදානමේ…! (Exclusive)

නූතන ආර්ථිකයේ ගණුදෙනු වලදී චෙක් පත් සඳහා හිමිවී තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ආරක්ෂිතබව සහ පහසුව නිසාම බොහෝ කලක සිට ව්‍යාපාරික ප්‍රජාව සිය ගණුදෙනු සඳහා චෙක් පත් භාවිතා කරනවා. නමුත් මේ වනවිට වෙළඳපොළට නිකුත්වී ඇති නව පෑනක් නිසා චෙක්පත් හරහා ගණුදෙනු කිරීමේ අවධානමක් මතුවී තිබේ.

සාමාන්‍ය කාබන් පෑනක් ලෙස ලිවිය හැකි නමුත් පසුව මකා දැමිය හැකි පෑනක් මේ වන විට බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වෙමින් තිබේ. විශාල ව්‍යාපාරික ගණුදෙනුවල යෙදෙන අය බොහෝ විට එම ගණුදෙනු තවත් පාර්ශවයකට පවරනු ලබනවා. ව්‍යාපාරිකයින් කරන්නේ අදාළ පුද්ගලයා ලියාගෙන එන චෙක් පතට අත්සන් කිරීම පමණයි. එක්වරක් අදාළ ගණන බලා අත්සන් කර පසුව යමෙකුට එය මකා දමා අලුත් ගණනක් අකුරෙන් සහ ඉලක්කමෙන් ලිවීම හරහා වංචාවල නියැලිය හැකියි.

මුදල් සමඟ ගණුදෙනුවලදී අපට කිසිවෙකුත් විශ්වාස කල නොහැකියි. අවධානමට අවදියෙන් පෙර සූදානම් වීම ඉතා වැදගත්. පහත වීඩියෝව නැරඹීමෙන් ඔබට මේ පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැක.



No comments:

Post a Comment

Post Bottom Ad