“දෙවන ඉනිම” පරාද කරන්න සුමති සම්මාන උළෙලේ සිදුවන කුමන්ත්‍රණය මෙන්න (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

“දෙවන ඉනිම” පරාද කරන්න සුමති සම්මාන උළෙලේ සිදුවන කුමන්ත්‍රණය මෙන්න (Exclusive)

මෙම කාලවකවානුවේ දිවයිනේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස අවිවාදයෙන් යුතුව පිළිගැනෙන “දෙවන ඉනිම” ටෙලිනාට්‍ය සඳහා හිමිවිය යුතු “ජනප්‍රියම ටෙලිනාට්‍යය” ට හිමි සම්මානය එම නාට්‍යයට ලබා නොදී කිසිවෙකුත් නරඹා නැති, බොහෝ දෙනෙකු නමවත් අසා නැති ටෙලි නාට්‍යයකට ලබාදීමේ උත්සාහයක් පවතින බවට චෝදනාවක් එල්ල වී තිබේ.

එම සම්මාන උළෙලේ නිල ෆේස්බුක් පිටුව විසින් යාවත්කාලීන කරනු ලබන “ජනප්‍රියම ටෙලිනාට්‍ය” අංශයේ ජන්ද ප්‍රතිපල වල ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි “දෙවන ඉනිම පසුකරමින් බොහෝ දෙනෙකු නමවත් අසා නොමැති “රතු පිච්ච” නම් නාට්‍යක් එක්වරම නොසිතූ පරිදි ඉදිරියට පැමිණ තිබේ. ඒ සමඟම බහුතර ප්‍රේක්ෂකයින් විසින් එම ෆේස්බුක් පිටුවට දැඩි විවේචන එල්ල කල අතර ඒ නිසා මේ වනවිට නැවතත් දෙවන ඉනිම ඉදිරියට පැමිණ ඇති බව දක්වමින් පිටුව යාවත්කාලීන කර තිබේ. 

කෙසේ වුවද අවසානයේ සුමති සම්මාන සංවිධායකයින්ට අවශ්‍ය වී ඇත්තේ “දෙවන ඉනිම” කපා දමා වෙනත් නාට්‍යයක් ජනප්‍රිය කරවීමට බව දැන් තහවුරු වී තිබේ. මෙවැනි අකටයුතුකම් සිදුවන්නේ නම් සම්මාන උළෙල වර්ජනය කල යුතුය යන්න පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වූ ටෙලි නාට්‍යයක පිටපත් රචකයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා ඇති අතර කලාකරුවන් රැසක් අතර මේ පිළිබඳව දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. 

මිලීනා සුමතිපාල මහත්මියගේ සදාදරණීය සංකල්පය “සුමති සම්මාන උළෙල” මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 2017-09-20 දින දීය. මිලීනා සුමතිපාල මහත්මියගේ අභාවයෙන් පසු එම සම්මාන උළෙලේ වගකීම දරණු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාය.

සැප්තැම්බර් 09 වනදා වනවිට ප්‍රතිපල –

 
සැප්තැම්බර් 11 වනවිට ප්‍රතිපල –

 
අද ප්‍රතිපල –


No comments:

Post a Comment

Post Bottom Ad