නොසිතු ලෙස මහ ඇමතිකම නැතිවන පේෂල ජයරත්න පෙරලියක් කරයි.. කෝප වී ආණ්ඩුකාරකම ඉල්ලයි.. එන සතියේ සියලු තනතුරු අහෝසි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

නොසිතු ලෙස මහ ඇමතිකම නැතිවන පේෂල ජයරත්න පෙරලියක් කරයි.. කෝප වී ආණ්ඩුකාරකම ඉල්ලයි.. එන සතියේ සියලු තනතුරු අහෝසි..

පලාත් සභා කාලය දීර්ඝ කොට තව දුරටත් එම තනතුරුවල රැදී සිටිමට හැකිය යයි නිල කාලය අවසන් වීමට නියමිත පලාත් සභා මහ ඇමතිවරු ඇතුළු ඇමතිවරුන්ට දේශපාලන බලධාරීන් විසින් දී තිබූ පොරොන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග නොසිතූ විරූ ලෙස බිද වැටී ඇත.

මෙහිදී වඩාත්ම අපහසුතාවයට පත්ව ඇති උතුරු මැද මහ ඇමති පේෂල ජයරත්න සමීප හිතවතුන් හා පවසා ඇත්තේ තමාට බොරු පොරොන්දු දී පාර්ලිමේන්තුවට යන්න තිබු අවස්ථාවක අහිමි කරන ලද නිසා උතුරු මැද ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉවත් කොට තමන් ඒ තනතුරට වහා පත් කල යුතු බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නිසා උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පලාත් සභා තුනේ සිටි ආණ්ඩු පක්ෂයේ මහ ඇමතිවරු සහ එජාපයට අයත් මන්ත්‍රීවරු මහත් සේ කලබලයට පත්ව ඇත්තේ ව්‍යවස්ථා විරෝධී ක්‍රම මගින් මැතිවරණ කල් දමා ආණ්ඩුවට සිදුවන පරාජය වසන් කර ගැනීමට ගොස් අනවශ්‍ය ලෙස ජනතාව ඉදිරීයේ තම ගරුත්වය විනාශ කර ගැනිමට සිදු වනු ඇති බවයි. ලබන මස 2 වෙනිදා මෙම පලාත් සභා තුනෙහි සියලු මැති ඇමතිවරුන්ගේ තනතුරු අහෝසිය.

– Facebook ජාලයෙනි

No comments:

Post a Comment

Post Bottom Ad