බුදුරදුන්-ජේසුතුමා-ගණ දෙවියන් එකම මේසයක මස්කන රූපවාහිනී දැන්වීමක් හදලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 12, 2017

බුදුරදුන්-ජේසුතුමා-ගණ දෙවියන් එකම මේසයක මස්කන රූපවාහිනී දැන්වීමක් හදලා

හින්දු බැතිමතුන් වන්දනා කරන ගණ දෙවියන් බැටළු මස් බුදින ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් පිළිබඳව ඉන්දීය ආණ්ඩුව ඔස්ට්‍රේලියාවට සිය විරෝධය පළ කර තිබේ. විවිධ ආගම් අදහන පිරිසක් එකම මේසයක වාඩි වී භෝජනයක් රසවිඳින ආකාරය ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් සකස් කළ එම වෙළඳ දැන්වීමේ දැක්වේ. කෙසේ නමුත් ගණ දෙවියන් මස් බුදින බවක් මීට පෙර කිසිඳු තැනක සඳහන් වී නොමැති බැවින් එම වෙළඳ දැන්වීම ඕස්ට්‍රේලියාවේ හින්දු බැතිමතුන්ගේ විරෝධය ලක්වී තිබේ.

එබැවින් එම දැන්වීමට එරෙහිව සිය විරෝධය ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආයතන තුනකට දැනුම් දුන් බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. බුදුන් වහන්සේ, ජේසුස් වහන්සේ ඇතුළු ආගමික නායකයින් කිහිපදෙනක් එකම මේසයක අසුන්ගෙන භෝජනයක් භුක්ති විඳින ආකාරය එම රූපවාහිනී වෙළඳ දැන්වීමට ඇතුළත් වේ. මහමත් නබිතුමන්ට භෝජන සංග්‍රහය සහභාගී වීමට නොහැකි වූ බවද දැන්වීම අතරතුර සඳහන් වේ.

මෙම වෙළඳ දැන්වීම අපහාසාත්මක සහ තමන්ගේ ආගමික විශ්වාසයන්ට රිදවන්නක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරන බැවින් එය ඉවත්කරන මෙන් ඕස්ට්‍රේලියාවේ අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බවද මහකොමසාරිස් කාර්යාලය පවසයි. එමෙන්ම ඉන්දීය ප්‍රජා සංවිධාන ගණනාවක් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය විරෝධය පළ කර ඇති බවද වාර්තා වේ.



No comments:

Post a Comment

Post Bottom Ad