ලලිත් හා අනූෂ ඇප ලැබූ නිසා පිණ්ඩපාතය එපාලු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 21, 2017

ලලිත් හා අනූෂ ඇප ලැබූ නිසා පිණ්ඩපාතය එපාලු


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට ඇප ලබාදීම හේතුවෙන් ඔවුන්ට නියම වූ දඬ මුදල් ගෙවීම සඳහා ආරම්භකළ පිණ්ඩපාත චාරිකාව නවත්වන ලෙසට මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරන බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

මේ දක්වා එක්වූ අරමුදල් අද (21දා) ගණනය කරන බවත් එම මුදල් අධිකරණ කටයුතු සඳහා අනවශ්‍ය බවට ලලිත් විරතුංග හා අනූෂ  පැල්පිට යන මහත්වරුන් ප්‍රකාශ කළහොත් එය වෙනත් පොදු කටයුත්තක් සඳහා යොදවන බවත් උන්වහන්සේ පැවැසූහ. කෙසේ වෙතත් ඊයේ ඇප ලබාගැනීමට අදාළ ඉල්ලීම ඉදිරිපත් කරමින් ලලිත් අනුෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට කියා සිටියේ දඩ මුදල් එකතුකිරීමට වේලාව අවශ්‍ය නිසා ඇප ඉල්ලන බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad