දෙහිවල සත්වෝද්‍යානය අද රැටත් බලන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 21, 2017

දෙහිවල සත්වෝද්‍යානය අද රැටත් බලන්න

Zoo_30_09

දෙහිවල ජාතික සත්වෝද්‍යානය ප්‍රථම වරට රාත්‍රි කාලයේ පැය තුනක්‌ විවෘතව තැබීම අද (21) සිට ක්‍රියාත්මක වෙනවා.

අද රාත්‍රි 7.30 ට වනජීවී හා තිරසර බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රධාන මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම කාර්යය ආරම්භ කිරිමට නියමිත අතර අද ආරාධිතයන් සඳහා පමණක්‌ වෙන් කෙරෙන අතර හෙට (22) සිකුරාදා රාත්‍රි 7.00 සිට සෙනසුරාදා, ඉරිදා යන දින දෙක ඇතුළත්ව සතියේ අවසන් දින තුන සත්වෝද්‍යානය රාත්‍රි කාලයේ මහජනතාව වෙනුවෙන් විවෘතව තැබීමට නියමිතයි.

මෙහිදී සත්වෝද්‍යානයේ භාගයක ප්‍රමාණයක්‌ වාසය කරන නිශාචර සතුන්, බළල් පවුලේ සතුන්, මින් මැදුර ඇතුළු ස්‌ථාන රැසක්‌ මහජනතාවට දැකබලා ගැනීමට අවස්‌ථාව ලබාදී ඇති අතර ගමන් කිරීම සඳහා සාධාරණ මිලකට විදුලි බඩී රථ සීමිත ප්‍රමාණයක්‌ ද පා ගමනින් සතුන් නැරඹීමටද ඉඩ සලසා දි තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad