මාරක ළිඳේ යතුරුපැදි අනතුරෙන් පස් දෙනෙක් රෝහලේ කුඩා දැරියන් හතර දෙනකුත් ඒ අතර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 19, 2017

මාරක ළිඳේ යතුරුපැදි අනතුරෙන් පස් දෙනෙක් රෝහලේ කුඩා දැරියන් හතර දෙනකුත් ඒ අතර

මාරක ළිඳක යතුරුපැදියක් අනතුරට පත්වීමෙන් එය නරඹමින් සිටි කුඩා දැරියන් සිවු දෙනකු සහ යතුරුපැදිය පැදවූ තරුණයා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ පොලිසිය පවසයි. 

පසුගිය 17 දා රාත්‍රි 8.00ට පමණ

මේ සිද්ධිය සිදුවී ඇති අතර හොරණ ප්‍රාදේශීය සභාවට අයත් වගවත්ත ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගණයක පැවැති සැණකෙළියකදී මාරක ළිදේ ධාවනය කළ යතුරුපැදි දෙකකින් මුලින් පැමිණි යතුරුපැදිය පැදිකරුට අතහැරී එළියට විසිවී ළිඳේ හිරවී ඇතැයි පොලිසිය පවසයි.

තරුණයා ළිඳ තුළට වැටී තුවාල ලබා ඇති අතර එම අවස්ථාව නරඹමින් සිටි පිරිස බිය වී කලබල වීම නිසා මේ දරුවන් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ අවුරුදු 10ක සහ අවුරුදු 06ක ගැහැනු දරුවන් සිවු දෙනකු සහ අවු. 25ක තරුණයෙකි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නැතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මාරක ළිඳ ස්ථාපිත කළ පුද්ගලයා අත්අඩංඟුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

අළුබෝමුල්ල - විමාලි ගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad