මෙවර පැවැත්වූ උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න කිහිපයක් විභාගය පැවැත්වෙන වේලාවේදී පිටතට ගෙන එය ගම්පහ බාලිකා විදුහලක් ඉදිරිපිටදී අත් පත්‍රිකාවකට මුද්‍රණය කර බෙදා හැරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ උපකාරක පන්ති ගුවරුවරයා වූ ජිනේන්ද්‍ර රණසිංහ සහ ඔහුගේ සොහොයුරා නුවන් රණසිංහ රුපියල් දස දහසක මුදල් සහ රුපියල් ලක්‍ෂය බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඊයේ (18දා)
නියම කළේය.
සෑම ඉරුදිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේදී කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස ඇප නියම වූ චූදිතයන් දෙදෙනාට නියම කෙරිණි. ඇප නියම වූ සැකකරුවන් දෙදෙනාට විදේශ ගමන් තහනම් කළ අතර විදේශ ගමන් බලපත්‍ර තිබේ. නම් අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන් දෙදෙනාට පැනවූ විදේශ ගමන් තහනම සම්බන්ධයෙන් ආගමන විගමන පාලකවරයාට ලිඛිතව දන්වන ලෙස ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.
එම නඩුව කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂක ජයවීර පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවැසුවේ 6 වැනි සැකකරු වන උපකාරක පන්ති ගුරුවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මත මහර බන්ධනාගාරයේ සිට 05 වැනි සැකකරු වන පාසල් සිසුවාගේ පියාගේ නිවෙසට රැගෙන ගොස් වැඩිදුරටත් පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ ලබා ගත් බවයි.
ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න පිටතට යැවීම සඳහා උපයෝගි කරගත් විද්‍යුත් උපකරණ මිලට ගැනීම සඳහා 5 වැනි සැකකරුගේ බැංකු කාඩ්පත් උපයෝගි කර ගෙන ඇති හෙයින් එම බැංකු වාර්තා ලබා දෙන ලෙසට ලංකා බැංකු මූලස්ථානයේ කළමනාකරුට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීමට ඉඩ ලබා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා රිමාන්ඩ් භාරයේ පසු වූ සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ අවසන් දැයි විමසා සිටියේය.
එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරිවරයා පැවැසුවේ බොහෝදුරට පරීක්‍ෂණ කටයුතු අවසන් බවයි. සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංඟ ජයතිලක මහතා පොලිස් පරීක්‍ෂණ අවසන් හෙයින් සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුවන් දෙදෙනාට ඉහත ඇප නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නොවැම්බර් මස 06 වැනිදාට නැවත අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.
ඉකුත් අගෝස්තු මස 19 වැනිදා පැවැති උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න 3ක් තාක්‍ෂණික මෙවලම් භාවිත කරමින් විභාගය පැවැත්වෙන කාලයේදී පිටතට යවා එය අත්පත්‍රිකාවක් මඟින් මුද්‍රණය කර බෙදා හැරීමේ චෝදනා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක පාසල් සිසුවෙක්, ඔහුගේ පියා වූ වෛද්‍යවරයෙක්, අත්පත්‍රිකාව මුද්‍රණය කළ තැනැත්තෙක් සහ උපකාරක පන්ති ගුරුවරයාගේ පියා යන සිවුදෙනා අධිකරණ නියමයෙන් ඇප මත සිටින අතර එම සැකකරුවන්ටද නොවැම්බර් 06 අධිකරණයේ පෙනී සිටීමට නියමිතව ඇත.
මිනුවන්ගොඩ - අතුකෝරල / ගම්පහ - දොන් විතාන ආරච්චි
Tuesday, September 19, 2017
උසස් පෙළ ප්‍රශ්න පත්‍රිකා ගැසූ කෙමිස්ට්‍රි සර් සහ මල්ලී ඇප මත නිදහස්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment