දිගම ඔසරි පොටේ ගිනස් වාර්තාවට පාසල් සිසු දැරියන් යොදාගැනීම විවේචනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 22, 2017

දිගම ඔසරි පොටේ ගිනස් වාර්තාවට පාසල් සිසු දැරියන් යොදාගැනීම විවේචනයට


නිරූපිකාවක හා නිරූපණ ශිල්පී යුවළක් ඊයේ සිය මංගල දිනයේදී ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවක් තැබීමට මහනුවරදී උත්සාහ කළා. උඩරට මනාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 4099 කින් දිගවූ බව පැවසුණි. 

ඇය විවාහවූයේ රුවන් පුෂ්පකුමාර සමගිනි. දෙවන මනාල-මනාලි යුවළ 10 ක්ද මල් කුමරියන් ලෙස එක්වූ පාසල් දැරියන් 100 ක්ද මෙම අවස්ථාවට එක්ව තිබුණි. මහනුවර ගන්නෝරුවේදි ලොරියක පටවා තිබූ ඔසරි ‍පොට ලොරියේ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගයේ එක පෙළට රැස්ව සිටි පාසල් සිසුවියන් 150 දෙනකු විසින් අල්ලා ගෙන තිබුණි. 

පාසල් දැරියන් එක පෙළට පාරේ සිටගෙන ගිනස් වාර්තා නිරීක්ෂණ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබූ බවද වාර්තා විය. මේ ආකාර ගීනස් වාර්තාවක් ඉන්දියානු කාන්තාවක විසින් මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් මගින් පිහිටුවා තිබුණ බවත් ඊයේ ලංකාවේ වාර්තාව ගිනස් ආයතනය පිළිගැනීමෙන් පසු එම වාර්තා පොතට සජිනි-රුවන් නම් ඇතුළත්ව ලංකාවට ආඩම්බරයක් අත්වනු ඇති බවත් පැවසිණි.

මීටර 4099 ක ඔසරිය නිම කිරීම සඳහා පමණක් රුපියල් ලක්ෂ 27 ක්වැ ය කළ බව සංවිධායකයින් දන්වා ඇත. පාසල් වේලාව තුළ පරිබාහිර කටයුත්ත වෙනුවෙන් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක හා ඇමති අර්ල් ගුනසේකරගේ පූර්ණ සහායද මෙම කාර්යයට ලැබුණි. එම කටයුත්ත වෙනුවෙන් අලවතුගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ 2-3-4 ශ්‍රේණිවල සිසු දැරියන් 250 දෙනෙකු ගුරු භවතුන්ද සමග වෙනදා පාසල් එන වේලාවටත් පෙර සිට පැමිණ දායකවී තිබේ. 

250 දෙනාගෙන් 100 ක් මල් කුමරියන් ලෙස හැඩවී තිබේ. ඉතිරි 150 දෙනා වේල් පට අල්ලා සිටීම සඳහා පාර දිගේ සිටගෙන සිටි අතර ඒ කටයුත්ත නිරීක්ෂණයට පාසලේ ගුරුවරියන්ට පැවරී තිබුණි. වාණිජ අරමුණකින් ගීනස් වාර්තාවක් තැබීමේ උවමනාවට පාසලේ අධ්‍යාපනය ලැබිය යුතු වේලාවක සිදුවූ මේ කටයුත්ත සඳහා පාසල් සිසු දැරියන් යොදාගැනීම සිදුකළ ආකාරය විවේචනයට ලක්ව තිබෙන අතර ඒ ගැන මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායකගෙන් මාධ්‍ය කළ විමසීමේදී ඔහු එය ගැන නොදන්නා බව දක්වා තිබේ.







No comments:

Post a Comment

Post Bottom Ad