අනුෂ ලලිත් ඇප මත නිදහස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

අනුෂ ලලිත් ඇප මත නිදහස්


මහින්ද රාජපක්ෂ ජනපති අපේක්ෂකයා දිනවීම සඳහා චක්‍රෙල්ඛන වලට පිටින් TRC මුදල් පන්සල්වලට සිල් රෙදි බෙදාදීම පිණිස යොදවා පසුගියදා මහධිකරණය මගින් වසර 3 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමවූ  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට අද මහාධිකරණයයේ දඬුවම නියම කළ විනිසුරු විසින්ම ඇප නියම කරන ලදි.

විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද ඔවුන් දෙදෙනාට ඇප ලබා දෙමින් කොන්දේසි කිහිපයක් පනවා තිබේ. මේ අනුව ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ගෙවිය යුතු අතර ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් ද තැබිය යුතු වේ. අදාළ ශරීර ඇප තබන්නන්ගෙන් එක් අයෙකු රජයේ සේවකයෙකු විය යුතු අතර තවත් අයෙකු ළඟ ම ඥාතියෙකු විය යුතුය. එමෙන් ම ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් තම විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ලබා දිය යුතු අතර ඔවුන්ට විදේශ ගමන් ද තහනම් වනු ඇති.

මෙම ඇප ලබාදීම  සිදුවූයේ ඔවුන් ඉදිරිපත් කළ ඇප අයැඳුමක් සළකා බැලීමෙන් අනතුරුවය. තමන්ට දුන් නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවත් ඒ නිසා තමන්ට ඇප ලබාදෙන ලෙසත් සඳහන් කරමින් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට මහත්වරුන් නීතිඥයින් මාර්ගයෙන් ඇප අයඳුමක් ඉදිරපත් කළ අතර එය මින් ඉහත විභාගවූ අවස්ථාවේ නීතිපතිට යවා තිබී අද නීතිපතිගේ අදහසද සලකා ඇප ලබාදී ඇත. වසර තුනක් බරපතල වැඩ සහිතව සිර දඬුවම් නියම කර තිබීම හා ලක්ෂ 1040 ක දඩ මුදල් ගෙවීම ඉදිරියේදී පැවැත්වෙන අභියාචනාධිකරණ තීන්දුව අනුව අවසන් තීරණයකට ලක්වනු ඇත.

අනුෂ හා ලලිත් දෙදෙනාගේ සිරගතවීම් වලින් පසු පැවති සතියක කාලයක් තුළ බන්ධනාගාරයේ ඔවුන්ට ලැබුණ වරප්‍රසාද ප්‍රශ්නය නිසා සිරකරුවන් උද්ඝෝෂණ කිරීම්ද බන්ධනාගාර රෝහල් නිර්දේශ ලබාදෙන වෛද්‍යවරියගේ ස්ථාන මාරුද සිදුවූ අතර ඔවුනගේ ඇප ගෙවීමට අදාළ සංඝයා වහන්සෙලාගේ පිණ්ඩපාතද සංවිදානය විය. කෙසේ වෙතත් අනුෂ ලලිත් දෙදෙනා සිරගත කරන්නට නියමවූ අවස්ථාවේම පාර්ලිමේන්තුවේ මහින්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂ පිළ අගමැති රනිල් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවති අතර එය මාධ්‍ය තුළ අවධානයට ලක්විය. එහිදී අනුෂ ලලිත් ඇප මත නිදහස් කරවාගැනීම ගැන සාකච්ඡා පැවති බවට නිල නොවන ආරංචි පැවති අතර ඒ ගැන ඒකාද්ධ විපක්ෂය සඳහන් කර තිබුනේ එදින සාකච්ඡා වූයේ ව්‍යවස්ථා සංශෝධනය ගැන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad