ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් පිටියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. සනත් ජයසුරිය නූලෙන් බෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

ඇෆ්ගනිස්තාන ක‍්‍රිකට් පිටියකට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්.. සනත් ජයසුරිය නූලෙන් බෙරේ..

ඊයේ දිනයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් නිසා ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය අනූ නවයෙන් බේරී ඇත.

මෙම බෝම්බ පිපිරීම නිසා පුද්ගලයන් සිවුදෙනෙක් මරණයට පත්ව කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. සනත් ජයසුරිය හා ග්‍රෙහැම් ලැබ්‍රෝයි මෙම ක‍්‍රීඩා පිටියේ ඊයේ උදේ වරුවේ රැදී සිටියද බෝම්බය පිපිරෙන අවස්ථාවේ එම ස්ථානයේ සිට නැත. ඇෆ්ගනිස්ථානයේ මේ දිනවල පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක උපදේශක ලෙස ජයසුරිය කටයුතු කරන අතර ග්‍රෙහැම් ලැබ්‍රෝයි තරගයේ තීරකවරයකු ලෙස කටයුතු කරයි.

මරාගෙන මැරෙන සහිත පුද්ගලයා ක්‍රීඩාංගණය වෙත ගමන් කරද්දී ආරක්ෂකයන් ඔහුව නවතා පරික්ෂාවට ලක් කරන අවස්ථාවේදී බෝම්බය පුපුරුවාගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad