කට හොල්ලන්න බෑමයි කියා ඇලෝසියස් පොලොවේ පස් කන බැදුම්කර කොමිසමේ තීරණාත්මක ප‍්‍රශ්න 13 මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 14, 2017

කට හොල්ලන්න බෑමයි කියා ඇලෝසියස් පොලොවේ පස් කන බැදුම්කර කොමිසමේ තීරණාත්මක ප‍්‍රශ්න 13 මෙන්න…

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් තමනට ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දිය නොහැකි යයි සදහන් කල ප‍්‍රශ්ණ 13 අන්තර්ජාල මාධ්‍යන්හි පලව ඇත.

මේ එම ප‍්‍රශ්න 13යි.

01.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අයිතිය සහ ව්‍යුහය.


02.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත‍්‍රය ලබාගත් ආකාරය.


03.අර්ජුන් ඇලෝසියස් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවට ඉදිරිපත් කළ ව්‍යාපාර සැළැස්ම.


04.අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක හා කළමණාකාර අධ්‍යකෂ ධුරවලින් ඉවත් වීමට හේතු.


05.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප‍්‍රාග්ධන ලාභ හා එම ලාභය වියදම් කළ ආකාරය.


06.පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වර්ථමාන ප‍්‍රධාන විධායක කසුන් පළිසේන මහතා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති වු දුරකථන සංවාද.


07.ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට දඩ නියම කිරීමෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කළ ආකාරය.


08.ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇතැම් නිලධාරීන් හා අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතා.


09.ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.


10.සේවක අර්ථ සාධක අරමුදලේ සමන් කුමාර හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නවීන් අනුරාධ යන මහත්වරුන් සමඟ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.


11.පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා සහ අර්ජුන් ඇලෝසියස් මහතා අතර ඇති සම්බන්ධතාව.


12.පෑන් ඒෂියා බැංකුවේ රිචී ඩයස් මහතා මෙම කොමිසමේ සාක්කි ලබා දීමේදී අර්ජුන් ඇලෝසියස් මහතා ඔහුට දුරකතනයෙන් ඇමතීමට හේතුව.


13.මොනෑක් එපාර්ට්මන්ට් එකෙන් නිවසක් බද්දට ගෙන එය රවී කරුණානායක මහතා සහ ඔහුගේ පවුලේ අයට දීමට අර්ජුන් ඇලෝසියස් මහතාට ඇති හේතුව.

No comments:

Post a Comment

Post Bottom Ad