විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 17, 2017

විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි


විභාග දෙපාර්තමේන්තුව තුළ අන්තර්ජාතික ඇගයීම් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අරමුණින් එහි සියලු ක්‍රමවේදයන් ඩිජිටල්කරණයට ලක්කිරීමට රජය සැර‍සෙයි. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක කරන මේ කටයුතු සඳහා මේ වන විටත් රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කර ඇත. මේ යටතේ විභාග ප්‍රතිඵල ඉක්මන් කිරීම, විභාග වංචා නතර කිරීම, විභාගයන් කාර්යක්ෂම හා ඵලදායිතාවෙන් ඉහළ මට්ටමට ගෙන ඒම මෙන්ම ඇගැයීම් කටයුතු වඩාත් විධිමත් කිරීම මේ යටතේ අපේක්ෂිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩඩ්ලිව්එම්එන්ජේ පුෂ්පකුමාර මහතා පැවැසීය.


මේ වන විට අධ්‍යාපන ඇමැතිතුමා විසින් විභාග දෙපාර්තමේන්තුව නවීකරණය හා කාර්යක්ෂමතාවට පත් කිරීමේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර, මේ කමිටුවේ උපදෙස් මත රජය විසින් විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 500ක වියදමින් යුත් නව මුද්‍රණ යන්ත්‍රයක් මිල දී ගැනීමට කටයුතු කර ඇත. දැනට විභාග උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පාසල් රාශියක් යොදා ගැනෙන අතර, එමඟින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යම් යම් බාධා වීම් සිදු වේ.

මේ කරුණු සලකිල්ලට ගනිමින් විභාග ප්‍රශ්න පත්‍රයන්හි ඇගැයීම් කටයුතු කාර්යක්ෂම කිරීමටත්, ප්‍රතිඵල ඉක්මන් කිරීමටත්, සතියේ දිනවලත් විභාග පැවැත්වීම ඇතුළු කටයුතු කිහිපයක් සඳහා රුපියල් මිලියන 615ක වියදමින් යුත් තට්ටු 6කින් යුත් බහුකාර්ය ගොඩනැගිල්ලක් විභාග දෙපාර්තමේන්තු පරිශ්‍ර‍ය තුළම ඉදිකිරීම ආරම්භ කර ඇත.

සුභාෂිණි ජයරත්න

No comments:

Post a Comment

Post Bottom Ad