පනත සම්මත වුවත් උතුරුමැද, සබරගමු, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. මහීපාල, පේෂල ඇතුළු මැති ඇමති රොත්තම ඡන්දය එන තෙක්ම ගෙදර.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 21, 2017

පනත සම්මත වුවත් උතුරුමැද, සබරගමු, නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරේ.. මහීපාල, පේෂල ඇතුළු මැති ඇමති රොත්තම ඡන්දය එන තෙක්ම ගෙදර..

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කලද නියමිත පරදි මේ මස 26 වැනිදා සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභාවන්හි ධුර කාලය අවසන් වෙයි.

ඉන් පසු ඔක්තොම්බර් 02 වැනිදා වන විට එම සභාවල සභාපති ධුරයන් හැර සෙසු සියළු මැති ඇමති තනතුරු අහෝසි වන අතර කවදා හෝ මැතිවරණයක් පැවැත්වෙන තෙක් ආණ්ඩුකාරයා හරහා සීමිත පරිපාලනයක් පවත්වාගෙන යා හැකිය.

ඒ අනුව මෙම පළාත් සභාවන්හි සිටින සියළු එජාප හා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ට ධුරයන් අහෝසියත් සමග මැතිවරණය එන තෙක් කොතරම් කාලයක් බල සිටීමට සිදුවේදැයි කිව නොහැක්කේ සම්මත වූ පනත අනුව කොට්ඨාශ ක‍්‍රමයට සීමා වෙන් කිරීම හා කාන්තා නියෝජනය 30% ගැසට් කරන්නේ කවදාදැයි තීරණයක් මෙතෙක් නැති හෙයිනි. මෙම සියළු පළාත්වල මහ ඇමති තනතුරු දෙකක් ඇතුළු වැඩිම තනතුරු ප‍්‍රමාණයක් දරන්නේ ශ‍්‍රීලනිප නියෝජිතයින් වීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad