‘දැන් චන්ඩිය වගේ තැන තැන කියවනවා.. මහින්දට විරුද්ධවත් දැන් නඩු දාන්න පුළුවන්!’ – රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 13, 2017

‘දැන් චන්ඩිය වගේ තැන තැන කියවනවා.. මහින්දට විරුද්ධවත් දැන් නඩු දාන්න පුළුවන්!’ – රාජිත

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කල ප‍්‍රකාශ මත ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනරත්න මහතා පවසනවා

අද පැවැති කැබිනම් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා මේ බව ප‍්‍රකාශ කල අතර මහා සංඝරත්නය සිදු කල ප‍්‍රකාශයන් සම්බන්ධයෙන්ද ඇමතිවරයා එහිදී අදහස් පළ කලා. “දවස් 24ක් මේ නඩුව විභාග වුණා. ඒ අතරෙ ඇවිත් උසාවියට කියන්න තිබුණනෙ මේක. එයා දැන් චණ්ඩිය වගේ තැන තැන කියවනව. 


දැන් පුලුවන් කෙනෙකුට උසාවි යන්න මේ පුද්ගලයා මේ වරද බාර ගන්නවනම් ඔහු නියෝග කළ බව කියනවනම්, එයාව අධිකරණයට ගේන්න කියල.” “උන්වහන්සේලාටත් දැන් තමයි මේව මතක් වෙලා තියෙන්නෙ. උන්වහන්සේලා පිඬු සිඟා වඩින්න තිබුණෙ අර පොඩි ළමයෙක් පොල් හොරකමකට හිරේ දාපු වෙලාවේ.”

No comments:

Post a Comment

Post Bottom Ad