අගමැති නියමයෙන් ගුවන්යානා ඇණවුම අවලංගු කල නිසා රුපියල් බිලියන25.6 AerCap සමාගමට වන්දි ගෙවයි- ජවිපෙ රනිල්ගේ ගැලවුණු කලිසම අන්දන්න උත්සහ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

අගමැති නියමයෙන් ගුවන්යානා ඇණවුම අවලංගු කල නිසා රුපියල් බිලියන25.6 AerCap සමාගමට වන්දි ගෙවයි- ජවිපෙ රනිල්ගේ ගැලවුණු කලිසම අන්දන්න උත්සහ කරයි

පසුගියදා සුනිල් හදුන්නෙත්ති නැමැති උගත් බුද්ධිමත් උපාධිධාරී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී ගුවන් යානා ඇනවුමක් පිලිබඳ කරුණු ඉදිරිපත් කරමින් පැවසීමට උත්සහ දැරුවේ එය පසුගිය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයේ මුදල් අවභාවිතාවක් ලෙසය. 

නමුත් ඇත්ත ඇතිසැටියෙන් හෙළිවී තිබෙද්දීත්, ජාත්‍යන්තර පුවත් සේවාවන් ඇත්ත හෙළිකර තිබෙද්දීත්, මෙවැනි බොරු වලින් රටේ ජනතාව රැවටීමට ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු නඩය කටයුතු කරන්නේ රනිල් නමැති ඔවුන්ගේ ඩීල්කරුවා බේරාගැනීමට බව මොනවට පැහැදිලි වේ. රනිල් විසින් සිදුකල අත්තනෝමතික අවලංගු කිරීම නිසා ඩොලර් මිලියන $170 වන්දි ගෙවීමට සිදු වූ බව රොයිටර් සේවය ඉදිරිපත් කල ප්‍රවෘත්තියයි මේ. – http://www.reuters.com/article/us-sri-lanka-aercap-hldg/sri-lanka-to-pay-170-million-to-aercap-for-a350-cancellation-finance-minister-idUSKCN1240ZJ

මේ ඒ පිලිබඳ අප කරන හෙළිදරව්වයි...

ඔබ දන්නවාද, නළුවෙක් නොවී මොලයක් වූ අගමැතිතුමා ගුවන් යානා ඇණවුමක් අවලංගු කර ඔබේ බදු මුදලින් ඩොලර් මිලියන 170ක් (රුපියල් මිලියන 25,960 / බිලියන 25.6) වන්දි වශයෙන් එම AerCap සමාගමට ගෙවා ඇතිබව ?

පසුගිය රජය සමයේ ඇනවුම් කර තිබූ A350 ගුවන් යානා අටෙන් හතරක්, නව රජය පත්වූ වහාම අවලංගු කිරීමට යහපාලනය කටයුතු කළේය. ඡන්ද සමයේ ඔවුන් පවසා සිටියේ මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ පරිහරණයට පුද්ගලික ගුවන්යානා ඇනවුම් කර ඇති බවත් ඒවා ඔවුන් පැමිණි විගස අවලංගු කරන බවත්ය. ඒ අනුව බලයට පැමිණි විගස කිසිවක් සොයා නොබලා ඒ ගනුදෙනුව අවලංගු කරන ලදී. කෙසේ නමුත් අප කල විමසීමකදී AerCap සමගම පවසා සිටියේ ගුවන්යානා ඇනවුම් කර තිබුනේ සාමාන්‍ය මගී ප්‍රවාහනය සඳහා බවත් එහි පන්තීන් හී යම් යම් වෙනස්කම් පමණක් සිදුකල බවත් එය සාමාන්‍යයෙන් ඕනෑම ගුවන් සමාගමක් තමන්ට ඕනෑ ආකාරයට සුළු වෙනස්කම් සිදුකරන බවත්ය.

කෙසේ නමුත් මේ ඇනවුම අවලංගු කල නිසා AerCap සමගම ඉල්ලා සිටි අලාභය ඩොලර් මිලියන $170ක්ය. කෙසේ වෙතත් එම සමාගම අපට පවසා සිටියේ ශ්‍රී ලංකා රජය එම ගුවන් යානා ඇනවුම අවලංගු කලේ නම් වන්දිය ගෙවිය යුතු නමුත් එම ගුවන් යානා වෙනත් ගුවන් සමාගමකට විකිණීමට කටයුතු සලසා දීමට හැකි වූවා නම් වන්දි මුදල ගෙවිය යුතු නැති බවත්ය.

තත්වය එසේ තිබියදී කැබිනට් අනුකාරක සභාව විසින් 2016-09-07 දින මෙම වන්දි ගෙවීම පිලිබඳ කටයුතු කිරීමට තීරණයක් ගෙන ඇත. මේ අනුව එම ගුවන්යානා වෙනත් සමාගමකට විකිණීම හෝ AerCap සමාගමේ වන්දි මුදල අඩුකර ගැනීමට හෝ කිසිදු සාකච්චාවක් AerCap සමගම සමග සිදු නොකර (AerCap විසින් මෙය තහවුරු කරන ලදී) , සහ කිසිදු කැබිනට් අනුමැතියකින් තොරව  චරිත රත්වත්තේ මහතාගේ ඊමේල් පණිවිඩයට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් එම සම්පූර්ණ වන්දි මුදල වන ඩොලර් මිලියන $170 ගෙවා ඇත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය මුනිවත රකින්නේ, කිසිවක් සොයා නොබලා මහින්දගේ ප්ලේන් යයි අවලංගු කල  ඇනවුම් ඇත්තටම ඇනවුම් කර තිබුනේ සාමාන්‍ය මගී ප්‍රවාහනයට නිසාත් මෙමගින් රජයට සිදුවී ඇති පාඩුව සහ ආර්ථික හානිය සුළුපටු නොවන නිසාත්ය. මේ පිලිබඳ මහා ජනතාවට දැනගන්නට ලැබුනොත් ඔවුන්ගේ රජය කෙරෙහි අප්‍රසාදය තවත් වැඩිවිය හැකි බැවින් මේ පිලිබඳ කිසිදු කෙනෙකුට දැනගැනීමට නොතබන ලෙස සරල ජනාධිපති තුමාත්, මොලයක් ඇති අගමැතිතුමාත් අදාල නිලධාරීනට අවධාරණය කර ඇත.

එය එසේ වෙද්දී එම ඇණවුම අවලංගු කල පසු රනිල් ප්‍රමුක රජය පකිස්ථානයෙන් වෙනම එයාබස් හතරක් කුලියට ගෙන තිබේ. ඉහත ඇණවුම අවලංගු කාලේ ගුවන් යානා අනවශ්‍ය නිසා නම් නැවත පකිස්ථානයෙන් කුලියට ගත්තේ ඇයි ?

උක්ත සඳහන් ඇණවුම අවලංගුකලේ ගුවන් යානා අනවශ්‍ය නිසා යයි ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ ගැලවුණු කලිසම ඇන්දීමේ නිරර්ථක උත්සාහයක දී සිටිනු අපට දැකිය හැකිය. ජනතා විමුක්ති පෙරමුණ රනිල්ගේ කලිසම අන්දමින් හෙළුව වසන්නට උත්සහ කරන්නේ මෙම පාඩුවත් මහින්දගේ ගොඩට ඇද දමමින්ය.

රජය විසින් මේ අවභාවිතා කර ඇත්තේ ක්ලින් මෑන් ගේ මුදල් නොව ඔබගේත් රටේත් මුදල්ය. ක්ලින් මෑන්ගේ සේවා කාලය අවසන් වනවිට මහා භාණ්ඩාගාරය ක්ලින් කරනු ඇතිබව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

අපගේ සටහන :
  මේ පිළිබඳව සොයාබැලීමේදී සහ විමසීමේදී ශ්‍රී ලංකා ගුවන් සමගම කියා සිටියේ AerCap සමාගම එම ඇනවුමේ අවලංගු කල ගුවන්යානා නැවත විකිණීමක් ගැන සඳහනක් නොකළ බවයි. කෙසේ නමුත් එම සමාගමෙන් විමසීමේදී ඔවුන් පවසා සිටියේ ශ්‍රී ලංකා ගුවන් සමාගමෙන් එම අවලංගු කල ගුවන් යානා නැවත විකිණීමට ගැනුම් කරුවෙකු සොයදෙනතෙක් ඉන්න කියා ඉල්ලීමක් නොකළ බවයි.

leakslk.com

No comments:

Post a Comment

Post Bottom Ad