මහින්ද යන විට බිලියන 7391යි.. අද සමස්ථ රාජ්‍ය ණය බිලියන දහදාහ පන්නයි.. මහ බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 15, 2017

මහින්ද යන විට බිලියන 7391යි.. අද සමස්ථ රාජ්‍ය ණය බිලියන දහදාහ පන්නයි.. මහ බැංකුවේ අලුත්ම වාර්තාව මෙන්න..

මහ බැංකුව විසින් නිකුත් කල 08/09/2017 වත්මන් ආර්ථික දර්ශකයන් මගින් සඳහන් කොට ඇත්තේ 2017 මාර්තු 31 දිනට පසුගිය වසරට වඩා (එනම් 2016) වසරට 3.4% කින් සමස්ථ රජයේ ණය ප්‍රමාණයේ ඉහළ යෑමක් දක්නට ඇති බවයි.

ඒ අනුව 2016 මාර්තු 31 වෙනිදාට තිබුණ සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන නම දාහස් තුන්සීය අසු හතයි දශම තුන (9387.3) 2017 මාර්තු 31 වෙනිදා වන විට රුපියල් බිලියන නමදාහස් හත්සීය දෙකයි දශම අට (Rs. 9702.8) දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දි ඇත.

මහින්ද රාජපක්ෂ යුගයේ විශාල ප්‍රමණයක් ණය ලබාගෙන අනවශ්‍ය මහා පරිමාණ සංවර්ධනය වැඩ කලා කියා චෝදනා කල රජය මහින්ද යුගයේ අවසානයේ එනම් 2014 දෙසැම්බර් 31 වෙනිදාට තිබු සමස්ථ රජයේ ණය ප්‍රමාණය වු රුපියල් බිලියන හත්දාහස් තුන්සීය අනු එක (රුපියල් බිලියන 7391) කි. එය නිදහසෙන් පසු පසුගිය සියලුම රජයන් 1948 න් පසු ගත් දේශීයව හා විදේශීය සමස්ථ ණය ප්‍රමාණයේ ශේෂයයි.

සම්මුති ආණ්ඩුව එහි ණය මුදල සතයකින්වත් අඩු නොකොට 2017 මාර්තු 31 දිනට රුපියල් බිලියන නමදාහස් හත්සීය දෙකයි දශම අට (Rs. 9,702.8) දක්වා එනම් රුපියල් බිලියන දෙදාහකින් වැඩි කොට ගෙන ඇති බැව් ශ්‍රීලංකා මහා බැංකුවේ අලුත්ම වාර්තාව සඳහන් වේ. ඒ 2017 මාර්තු 31 දිනටයි.

ඒත් මේ වනවිට එය රුපියල් බිලියන දහ දාහ ඉක්මවා ඇති බැව් මහා බැංකුවේ අභ්‍යන්තර අරංචි මාර්ග සඳහන් කරන අතර ඊලඟට එන වාර්තාවේදි මේ කාර්තුව ඇතුලත් කොට දැකබලා ගත හැකි බැව් ඔහුන් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad