STF රියට මීගමුවේ දී වෙඩි තබයි - සැකකරුවන් 2ක් රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

STF රියට මීගමුවේ දී වෙඩි තබයි - සැකකරුවන් 2ක් රෝහලේ

මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

ඔවුන් සන්තකයේ තිබූ ටී. 56 ගිනි අවි දෙකක් හා පිස්තෝලයක් ද වෑන් රථ දෙක ද පොලිස් බාරයට පත්විය. වෙඩි ප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මීගමුව රෝහලේ දී ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි. පොලීසිය පැවසුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් මීගමුව පොලීසියට බාරදී ඇති බවයි. 

කොල්ලකරුවන් පිරිසක් එම මාර්ගයේ ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad