ඉන්දුනීසියාවේ 6.4 භූ කම්පනයක් - අවධානයෙන් සිටින්න DMC කියයි

අද උදෑසන ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිරින් මුහුදේ රික්ටර් ර්කක 6.4 ක භූ කම්පනයක් සිදුවී ඇත. මුහුදේ කිලෝමීටර 73 ක් ගැඹුරින් ඇතිවූ කම්පන තත්වය නිසා සුනාමියක් ඇතිවේ යයි ඉන්දුනීසියාව තවම අනතුරු අඟවා නැත. සිදුවූ අනතුරු ගැන වාර්තාද නැත.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය ගැන අවධානය යොමු කර ඇති ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරී ප්‍රදීප් කොඩිප්පිලි ලංකාවට මෙයින් සුනාමි අවදානමක් නැතත් අවධානයේන් සිටින්නැයි දන්වා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment