ව්‍යාපාරිකයා හෙරොයින් ගෙනා හැටි හෙළිවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

ව්‍යාපාරිකයා හෙරොයින් ගෙනා හැටි හෙළිවෙයි (PHOTOS)

රුපියල් ලක්ෂ 37 ක් වටිනා හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ 54 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු ඊයේ (06) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

මෙම පාකිස්තානු ජාතිකයා ව්‍යාපාරිකයෙකු බවයි අනාවරණය වී ඇත්තේ. ඔහු  ඊයේ රාත්‍රී 11.20 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. එහිදී ඔහු පිළිබඳව රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත, රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී , එහි විවිධ ස්ථානවල කුඩා ප්‍රමාණවලින් ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම හෙරොයින් තිබියදී සොයා ගැනුණා.  එම හෙරොයින්වල මුළු බර ග්‍රෑම් 376 ක් බව රේගුව පැවසුවා.    

No comments:

Post a Comment

Post Bottom Ad