අගමැති එපා කියූ නිසා දයාට ඇමතිකම නැතිවේ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

අගමැති එපා කියූ නිසා දයාට ඇමතිකම නැතිවේ!

අමාත්‍ය දයා ගමගේ මහතා දැනට දරන අමාත්‍ය ධුරයට අතිරේකව ඔහුව නැගෙනහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුන ද අවසන් මොහොතේ එම අදහස වෙනස් කර ඇතැයි ආණ්ඩුවේ ආරංචිමාර්ග පවසයි. තිලක් මාරපන මහතා විදේශ ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් මොහොතේම දයා ගමගේ මහතාට නව අමාත්‍ය ධුරය ලබාදීමට නියමිතව තිබුනද, මේ අවස්ථාවේ එවැනි පත්කිරීමක් සිදු නොකරන ලෙස එජාප ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අගමැතිවරයාගේ උපදෙස් මතය.

නැගෙනහිර පළාතේ දේශපාලනඥයින් පිරිසකගෙන් එල්ල වූ විරෝධයක් හේතුවෙන් එම ඉල්ලීම කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. දක්ෂිණ සංවර්ධන සාගල රත්නායක මහතාටත්, වයඹ සංවර්ධන එස්.බී. නාවින්න මහතාටත්, සබරගමුව සංවර්ධනය ජෝන් සෙනවිරත්න මහතාත්, උඩරට සංවර්ධනය එස්.බී. දිසානායක මහතාටත් ආදී වශයෙන්  අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටම මේවනවිට පළාත් සංවර්ධන අමාත්‍ය ධුර පවරා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad