ජවිපෙ “සීනුව“ ලකුණ අතහරී - 2020දී ලොකු පිම්මකට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

ජවිපෙ “සීනුව“ ලකුණ අතහරී - 2020දී ලොකු පිම්මකට සැරසෙයි

ජනතා විමුක්ති පෙරමුණේ සලකුණ වූ සීනුව ලකුණ වෙනුවට පොදු ලකුණක් භාවිතා කොට 2020 දී මැතිවරණයට මුහුණ දීමට ජනතා විමුක්ති පෙරමුණ තීන්දු කර තිබේ. ඒ අනුව 2020 දී රටේ රාජ්‍ය බලය ලබා ගැනීම සදහා මේ රට තුළ දැවැන්තම බලවේගයක් ගොඩ නගා ගැනීමේ අරමුණින් “සීනුව“ ලකුණ වෙනස්කොට පොදු ලකුණක් භාවිත කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට විවිධ බුද්ධිමතුන් සමග ජනතා විමුක්ති පෙරමුණ සංවාදයක නියෙලෙමින් සිටින අතර ලබන වසර තුළ රට වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් දැවැන්ත බලවේගයක් ගොඩ නැගීමට සූදානම් බව වාර්තා වේ. එලෙස ගොඩනගන බලවේගය තුළින් මේවන සිටි පාලකයන් වසර 70 පුරා විනාශ කරන ලද රට ගොඩනගා ජනතාවට නිදහස් රටක් ඇති කිරීමට අරමුණ බවද ජවිපෙ කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad