කුලියාපිටිය මුලික රෝහල මධ්‍යම රජයට - වයඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

කුලියාපිටිය මුලික රෝහල මධ්‍යම රජයට - වයඹ විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක්

වයඹ පළාත් සභාව යටතේ ඇති කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවැත්විනි. වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

එම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සදහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවත්  සබරගමුව විශ්ව විද්‍යාලය සහ මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ද වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට නියමිත බවත් ඒ මහතා සඳහන් කළේය. කුලියාපිටිය මුලික රෝහල රජයට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවත් ඒ සදහා වූ කැබිනට් පත්‍රිකාව සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

රජයට පවරා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ඒ පිළිබද කටයුතු කිරීමට කමිටුවක් පත් කර ඇති අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශය, වයඹ විශ්ව විද්‍යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad