ඇමති සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙක් ලක්ෂයක පගාව ගනිද්දි අල්ලස් කොමිසම අතටම අල්ලා ගනී… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

ඇමති සජිත් ප්‍රේමදාසගේ ලේකම්වරයෙක් ලක්ෂයක පගාව ගනිද්දි අල්ලස් කොමිසම අතටම අල්ලා ගනී…

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු යයි කියන තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක එස්.කේ. කිත්සිරි නැමැත්තා තංගල්ල රැකව ප්‍රදේශයේ ඉඩමක සැලසුමක් අනුමත කරදීමට රුපියල් ලක්ෂයක් පගාව ඉල්ලා එය ලබාගන්නා අවස්ථාවේදි අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් එම අල්ලස් මුදලත් සමඟ අත් අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හා දූෂණය විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරින් වෙත ලැබුණ පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදු කල අතර සැකකරු ඊයේ පෙරවරුවේ ඔහුගේ නිවසේදි පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂයක් පගාව ගනිද්දි ඒ අසල රැකවල්ලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මොහු අත් අඩංගුවට ගෙන හුංගම පොලිසිය වෙත ඉදිරිපත් කොට අගුණුකොලපැලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad