ජ’පුර රෝහලෙන් පූජ්‍ය පක්ෂයට නොමිලේ ප්‍රතිකාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 23, 2017

ජ’පුර රෝහලෙන් පූජ්‍ය පක්ෂයට නොමිලේ ප්‍රතිකාර

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණෙන පුජ්‍ය පක්ෂයෙන් මුදල් අය කිරීම නතර කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා රෝහල් පාලනාධිකාරියට දැනුම් දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පැමිණෙන සියලුම ආගම්වල පුජ්‍ය පක්ෂය සදහා නොමිලේ ප්‍රතිකාර ලබා දීමට ගෙනගිය ක්‍රමවේදය අධ්‍යයනය කරන ලදුව ඒ සදහා වැය වන මුදල ඉතා අධික බව රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිරීක්ෂණය කර තිබුනි.ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබාදීම පමණක් රෝහල අවට ඇති ආගමික සිද්ධස්ථානයන්හි වැඩසිටින පුජ්‍ය පක්ෂයට සීමා වන සේ කටයුතු කිරීමට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරන ලදි.

එම තීරණය අවලංගු කර රෝහලට පැමිණෙන පුජ්‍ය පක්ෂයට නොමිලයේ නේවාසික හා බාහිර ප්‍රතිකාර පහසුකම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහදලියනගේ මහතාට දැනුම් දි ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad