නැගෙනහිර සරසවිය වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

නැගෙනහිර සරසවිය වසා දමයි

නැගෙනහිර විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තෙක් අද (17) සිට වසා දමන බවට එහි නියෝජ්‍ය උප කුලපති කේ.කරුනාකරන් මහතා පවසයි. පසුගිය සති කිහිපය තිස්සේ සිසුන් පන්ති වර්ජනය කිරීම හා සත්‍යග්‍රහ කිරීම හේතුවෙන් විශ්ව විද්‍යාලය මෙලෙස වසා දැමූ බව ඒ මහතා කියයි.

පසුගිය සති කීපයක් තිස්සේ උප කුලපති හා නියෝජ්‍ය උප කුලපති විශ්වවිද්‍යාලයේ උසස් මට්ටමේ පරිපාලකයින් පීඩාවට පත්වන අයුරින් සිසුන් උද්ඝෝෂණ හා සත්‍යග්‍රහයේ යෙදුන බවට චෝදනා එල්ල වේ. සිසුන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් හා සීසීටීවී කැමරා ඉවත් කරන ලෙසත් සිසුහු අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad