මට හරි පාට්නර් කෙනෙක් හොයාගන්න බැරිව හරි කටුක අත්දැකීම් තිබුනෙ - අනර්කලී ඇමරිකන් හස්බන්ඩ් සමග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

මට හරි පාට්නර් කෙනෙක් හොයාගන්න බැරිව හරි කටුක අත්දැකීම් තිබුනෙ - අනර්කලී ඇමරිකන් හස්බන්ඩ් සමග

මේ දිනවල ලංකාවේ සංචාරයක නිරතවන සිනමා නිළි අනාර්කලී ආකර්ෂා ඇමරිකාවේ සිටින සිය සැමියා සමග මුල්වරට රූපවාහිනී වැඩසටහනකට එක්වී ඔහුව හඳුන්වා දෙමින් සිය ජීවිතයේ ඇතිවූ වෙනස ගැන පැහැදිලි කිරීමක් කර තිබේ.

ඇය එහිදී කියා තිබුනේ මෙසේය.

‘මේ මගේ හස්බන්ඩ් ඩිෂාන් ජයසිංහ මගේ ජීවිතයේ ලොකුම සම්මානය මගේ හොඳම යාළුවා මගේ ඇඩ්වයිසර් ඩොක්ටර් සිංගර් පෙළක් වෙලාවට හොඳ ඇක්ටර් කෙනෙක්. ඇත්තටම  මගෙ ජීවිතේ මේ මගේ ළඟ වාඩි වෙලා ඉන්නවා. ඇත්තටම මගේ ආදරේ ගොඩාක් කොම්ප්ලිකේඩ් වෙලා තිබුනේ හැමෝම ඒක දන්නවා ගොඩාක් බැරෑරුම් දෙයක් වෙලා තිබුනේ මට ගොඩාක් අවස්ථාව  ලැබුණේ නෑ හරි පාට්නර් කෙනෙක් හොයාගන්න බැරිව හරි කටුක අත්දැකීම් තිබුනෙ.

මං ගොඩාක් ඉන්ටර්වීව්ස් දීල තිබුනෙ මං කවදාවත් මැරි කරන්නෙ නෑ කියලා. මං හිතුවා මම හරි ඉන්ඩිපෙන්ඩන්ට් කියල. මං අහල තියන කතන්දර මගේ යාළුවන්ගේ ඩීවිත ගැන මගේ ජීවිතේ ගැන මගේ අත්දැකීම් ගොඩක් නිසා මට කලකිරිල වගේ තිබුනෙ. මට විස්වාසය තිබුනෙ නෑ ආදරය ගැන.ජනතාවගෙන් ලැබුණු ආදරය මට ඇති වුණා. මං යුරෝප් ට්‍රිප් එකක් ගිය වෙලාවක තමා ඩිෂාන් මුණ ගැහෙන්නේ.දැක්ක ගමන්ම කෙලින්ම කනෙක්ෂන් එකක් තිබුණා. කතා කරනවා කතා කරනවා. ෆොන් එක තියන්නෙත් නෑ.. එලිවෙනකං අපි කථා කරනවා. එහේ නිදහස් අපි හොලිඩේ එකකනේ හිටියේ.

සුමානයකට විතර පස්සේ එයා මැසේජ් කරලා මට පෙන්නුවා එයා මාව මැරි කරනවයි කියල එයාගේ තාත්තටයි අම්මටයි යවපු මැසේජ් එකේ ස්ක්‍රීන් ෂොට් එක. ඊට පස්සෙ මාස 4 ක් 5 ක් යද්දි අපි මැරි කරා. ඩිෂාන්ගෙ අම්ම වුණත් මට ගොඩක් ආදරෙයි. එයත් මට ගොඩක් ආදරෙයි. අපේ පවුලෙකට්ටිය එකමුතුයි. මං ගොඩක් වාසනාවන්තයි.පවුලෙ සියලුම දෙනා හරිම හොඳයි. ඒ නිසා මට සතුටින් ඉන්නත් පුළුවන්. මං ජීවිතේට හිතවෙ නෑ. මම ඇමරිකාවෙ හරි වෙන රටක හරි ගිහින් ජීවත්වෙයි කියලා. 


මුළු ජීවිතේම ලංකාව වෙනුවෙන් වැඩ කරනවා කියල තමා හිතාගෙන හිටියේ. මං හිතන්නෙ මං හරිම ලකී. මට හැම දෙයක්ම හැම පැත්තෙන්ම ලැබෙනවා. බයවෙන්න දෙයක් නෑ. මං හරි හැපී. ලංකාවෙ බන්නකොට නිදාගන්න නැහැ. හරියට කෑම කන්න නැහැ. යාළුවො හම්බ වෙන්න නැහැ. ආස චිත්‍රපට බලන්න වෙලාවක් නැහැ.. දැන් මම හැම වෙලාවෙම මගේ ආස සින්දු අහනවා.. ආස ෆිල්ම් බලනවා. මට වෙලාව තියෙනවා. අපි වෙනස්වෙන්න තීරණය කරන්න ඕන.මගේ අඩුපාඩුවක් තියනවා නම් ඒක මම තේරුම් අරගෙන මම වෙනස් වෙන්න ඕන. එයා ඒක වෙනස් කරන්න හදන කොට ප්‍රාක්ටිකල් නෑ. තාවකාලික වෙනස්වීමක් විතරයි එතකොට.‘


No comments:

Post a Comment

Post Bottom Ad