බැදුකම්ර වංචාවට නොදෙවැනි සොරකමක් ටෙලිකොම් කරයි.. අතහිත ඩිජිටල් ඇමතිගෙන්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

බැදුකම්ර වංචාවට නොදෙවැනි සොරකමක් ටෙලිකොම් කරයි.. අතහිත ඩිජිටල් ඇමතිගෙන්..

මහ බැංකු බැදුකම්ර වංචාවට නොදෙවැනි සොරකමක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසෙන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බැදුකම්ර වංචාවට නොදෙවැනි සොරකමක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසේ! වහාම ඉස්තාලය වහන්න

මෙරට වාර්තාගත විශාලම සොරකම වන බැදුම්කර වංචාවට පිළිබදව පරීක්ෂණ පවත්වමින් සිටිද්දී  ටෙලිකොම් සමාගම විසින් කිරීමට සුදානම්  වන විශාල වංචාවක් හා දූෂණයක් පිළිබදව අප විසින් හෙළිදරව්  කරන්නේ බැදුකම්ර වංචාවේදී සිදූවූ ආකාරයට අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් ඵලක් නොවන නිසා හා හැකි ඉක්මනින් ඉස්තාලය වැසිය යුතු නිසාත්ය. 2017 මැයි 16 දින ටෙන්ඩර් අංක L/0178/2017 යටතේ ටෙලිකොම් සමාගම විසින් අබලි කේබල් තොගයක් විකිණීමට සුදානම් කර තිබුනු අතර 2017 ජුනි මස 9 වන දින  එම ටෙන්ඩර්පත් කැදවීම අවලංගු කොට තිබුනි.

නැවතත් 2017 ජූලි 13 වන දින ටෙලිකොම් සමාගම විසින් එම අබලි කේබල් තොගය විකිණීම සදහා අංක  L/0253/2017 යටතේ ටෙන්ඩර්පත් කැදවා තිබුනි. අංක L/0178/2017 ටෙන්ඩර් කැදවීම යටතේ ආරක්ෂක තැන්පතුව රුපියල් ලක්ෂ සියයකි (10,000,000/= එහෙත් ටෙන්ඩර් අංක   L/0253/2017 යටතේ ආරක්ෂක තැන්පතුව ලෙස සටහන් වූයේ රුපියල් ලක්ෂ පහකි (500,000/=ටෙන්ඩර් පත් නිකුත් කළ පසුව ආරක්ෂක තැන්පතුව  රුපියල්  පනස්දාහක් (50,000/=) බව ටෙන්ඩර්කරුවනට දන්වන ලදි.

ටෙලිකොම් සමාගම විසින් අමුඅමුවේ  ප්‍රසම්පාදන කාර්යය සංග්‍රහය උල්ලංඝණය කරමින් මෙම අබලි කේබල් තොගය අමාත්‍යවරයාට හිතැති සමාගම් දෙකක් වෙත පිරිනැමීමට කටයුතු කරමින් සිටින අතර මෙම ටෙන්ඩරයේ වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ මෙසේ ටෙන්ඩර්පත් කැදවීමෙන් විකිණීමට අදහස් කරනු ලබන අබලි කේබල් තොගයේ ප්‍රමාණය සදහන් කර නොමැතිවීමයි. ඒ අනුව අපට පෙනී යන්නේ සාර්ථක ටෙන්ඩර්කරුවා සමග අතයට ගනුදෙනුවක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසෙන බවය.

මෙම කේබල් තොගය බිම අතුරා ඇති අතර ඒ පිළිබදව වන සටහන් ටෙලිකොම් සමාගම සතුව පවතින බවත් එමගින් අදාල කේබල් තොගයේ බර පිළිබදව ඉංජිනේරුවරුනට පැහැදිලිව සටහන් කිරීමට හැකියාව තිබියදී මෙසේ අබලි කේබල් තොගයේ බර සදහන් නොකර ටෙන්ඩර් කැදවීම මගින් විශාල වංචාවක් හා දූෂණයක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසෙන බවට අප විසින් චෝදනා කරන අතර බැදුකරම් වංචාවට තම අත්දෙකම එසවීමට සිටින ගරු හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ ටෙන්ඩර්පත් විවෘත කිරීමට නියමිත අගෝස්තු මස 10 වන දිනට පෙර එක් අතක් භාවිතා කරමින් ටෙලිකොම් සමාගමේ  මෙම වංචාව හා දූෂණය නැවැත්වීම සදහා කටයුතු කරන ලෙසයි. 


යහපාලනය ගෙන ඒම සදහා පළමු වෙඩි මුරය තැබූ බදුල්ලේ නායකයා තමා යයි පවසන ඇමතිවරයාගෙන් අප තවදුරටත් ඉල්ලා සිටින්නේ කථාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පුකර පෙන්වන ලෙසය. කෙසේවත් මෙම හොරකම කිරීමට අප කිසිවිටකත් ඉඩ නොදෙන බවද සදහන් කරමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

No comments:

Post a Comment

Post Bottom Ad