රවි ඉවත් කලොත් අගමැති රනිල්, එජාපය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

රවි ඉවත් කලොත් අගමැති රනිල්, එජාපය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට..?

ඇමති රවි කරුණානායක මහතා අධිකරණයකින් වරදකරුවෙකු නොවී තිබියදී ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී විපක්‍ෂයට යා යුතු යයි එම පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරුන් පිරිසක් යෝජනා කරයි.

මේ සම්බන්ධයෙන් අද හෝ හෙට දිනයේ පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කිරීමට නියමිත බවද වාර්තා වෙයි. යම් හෙයකින් බැදුම්කර චෝදනාවට ඇමති රවි කරුණානායක ඉල්ලා අස්සුවහොත් එය දේශපාලන වශයෙන් එක්සත් ජාතික පක්‍ෂයට බලවත් අවාසිදායක තත්වයක් බවත් එය එම චෝදනා පිලි ගැනීමක් බවට සමාජයේ මතයක් හැදෙනු ඇති බවත් ඔවුනගේ අදහසයි. ඇතැම්විට මෙම කොමිසම විසින් ඉදිරි දිනයකදී අගමැතිවරයාද කැදවා ප‍්‍රශ්න කර අපකීර්තියට පත් කිරීමේ ඉඩක් ඇති බවද ඔවුන්ගේ අදහසයි.

මේ තත්වය මත හොදම ක‍්‍රියාමාර්ගය වන්නේ ජනාධිපතිවරයා සමග තීරණාත්මක අවසන් සාකච්චාවක් පවත්වා අවසන් ක‍්‍රියාමාර්ගය ලෙස එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගැනීම බවද මෙම ඇමති පිරිස සදහන් කරති.

No comments:

Post a Comment

Post Bottom Ad