ඇමති අර්බුධය නිසා උතුර උණුසුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

ඇමති අර්බුධය නිසා උතුර උණුසුම්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් තමන්ට අමාත්‍ය ධූරයෙන් ඉවත්වන ලෙස දැනුම් දුන්නද ඉවත් නොවන බව පළාත් ප්‍රවාහන අමාත්‍ය බී.ඩෙනීස්වරන් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පළාත් අමාත්‍ය මණ්ඩලය පත් කිරීම ඇතුළු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සතු බලතල භුක්ති විදීම සඳහා ඔහු වෙත බලය පැවරීමට දෙමල ජාතික සන්ධානය පසුගිය සති අන්තයේ දී තීරණය කළ බව සඳහන් වේ. ප්‍රධාන අමාත්‍යවරයා ලෙස සී.වී.විග්නේශ්වරන්ට හිමි බලතල භුක්ති විදීමට ඔහුට අයිතියක් පවතින බවට මෙහිදී යෝජනා සම්මත කර ගනු ලැබූ අතර නව අමාත්‍යවරුන් පත් කරන්නේ නම් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සියලු පක්ෂවල අදහස් විමසිය යුතුය යන්න එහිදී ඉදිරිපත් කෙරුණු තවත් යෝජනාවක් බව සඳහන් වේ.

ඉදිරියේදී පළාත් අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදු කිරීමට සූදානම් බව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය. එම සංශෝධනයට ඉඩ සලසමින් පසුගියදා පළාත් සෞඛ්‍ය අමාත්‍ය පද්මනාදන් සත්‍යලිංගම් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණු බව සඳහන් වේ. පළාත් ප්‍රවාහන අමාත්‍ය පී.ඩෙනීස්වරන් උතුරු පළාත් සභාවේ ටෙලෝ සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. එම පක්ෂයම නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා සදහන් කර ඇත්තේ ඉල්ලා අස් නොවන්නේ නම් ඩෙනීස්වරන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගන්නා බවත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad