දූෂණ වංචා විමර්ශන පැමිණිලි 2ක විමර්ශන අවසන් - වාර්තාව ළඟදීම ජනපතිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 14, 2017

දූෂණ වංචා විමර්ශන පැමිණිලි 2ක විමර්ශන අවසන් - වාර්තාව ළඟදීම ජනපතිට

බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත ලැබී තිබූ තවත් පැමිණිලි දෙකකට අදාළ විමර්ශන අවසන් කර ඇති බව එම කොමිසම පවසයි.
උතුරු නැගෙනහිර පළාතේ සුනාමි අනතුරු දැනුම් දීමේ සංඥා කුළුණු අළුත්වැඩියා කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ සහ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අබලි යකඩ කපා ඉවත් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන මෙලෙස අවසන් කර ඇති බව එහි ලේකම් එච්.ඩබ්ලිව් ගුණදාස මහතා සඳහන් කළේය.
එම විමර්ශනයන්ට අදාළ වාර්තා කඩිනමින් සකස් කර ජනාධිපතිවරයා වෙත බාර දීමට ඉදිරියේදී කටයුතු කරන බව බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ලේකම්වරයා කියා සිටියේය.
උතුරු නැගෙනහිර පළාතේ සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ සංඥා කුළුණු අළුත්වැඩියා කරන මුවාවෙන් ප්‍රසම්පාදන කටයුතුවලට පටහැනිව රුපියල් ලක්ෂ 60ක මුදලක් අවභාවිත කර ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුට  එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
එමෙන්ම කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අබලි යකඩ කපා ඉවත් කිරීමේදී සිදුව ඇති වංචා දුෂණ සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති  දයා රත්නායක මහතා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.
එම කොමිසම මඟින් මේ වන විට විමර්ශන අවසන් කරන ලද වාර්තා 17ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී තිබේ.
රක්නා ලංකා හා ඇවන්ගාඩ් සමාගම පිළිබඳ විමර්ශනය, ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනද අවසන් කර ජනාධිපතිවරයා වෙත බාරදුන් වාර්තා අතර වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad