ජනපතිගේ ප‍්‍රකාශයට සන්ධාන මන්ත‍්‍රීගේ දැඩි විරෝධය…

මහා සංවර්ධනයක් සිදු කලේ යයි කියන රාජපක්‍ෂ පාලන කාලයේදී ගොවි ආර්ථිකය නගා සිටුවීමට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සිදු නොකල බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේ මැදවච්චියේදී නව ආර්ථික මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය දැඩිව හෙලා දකිමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා කියා සිටියේ පසුගිය රාජපක්‍ෂ රජය විසින් ලබා දුන් වී සහතික මිල, ගම්මිරිස් රබර් සදහා වූ ඩහල මිල මෙම රජය විසින් ඉතා පහලට ඇද දමා ඇති බවයි.

ගොවි ජනතාවට මහත් සහනයක් වූ පොහොර සහනාධාරය මේ රජය විසින් වංචනික ලෙස කප්පාදු කර ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment