රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

රවි කරුණානායක ඉල්ලා අස්වෙයි..? විදේශ ඇමති ධුරය නවීන් දිසානායකට..?

එල්ල වී ඇති චෝදනා හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව හේතුවෙන් ඇමති රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට ඔහුට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් මෙහෙවන බව කියන පුවත්පතක් වාර්තා කරයි.

එජාප හා ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිසක් විශ්වාස භංගයට ඡන්දය භාවිත නොකිරීමට හෝ පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර තිබීම හේතුවෙන් එජාපයේ ගෞරවය වෙනුවෙන් ඇමතිවරයා ඇමති ධුරය අතහරිනු ඇති බවද වාර්තාවේ දැක්වෙයි. රවි කරුණානායක මහතා ඉල්ලා අස්වුවහොත් පුරප්පාඩු වන විදේශ ඇමති ධුරය සදහා ඇමති නවීන් දිසානායක පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද එහි සදහන්ය.

කෙසේ වෙතත් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් කියා සිටින්නේ මෙතරම් බරතපල චෝදාන එල්ල වී ඇති ඇමති රවි කරැණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම වරදට දඩුවමක් නොවන බවත් වහා ඔහුට විරුද්දව නීතිව ක‍්‍රියාත්මක කර පොදු දේපන පනත හෝ මුල්‍ය විශුද්ධිකරන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කල යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad