චෝදනා එල්ල වූ ජර්මන් ටෙක් විදුහල්පති ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 5, 2017

චෝදනා එල්ල වූ ජර්මන් ටෙක් විදුහල්පති ඉල්ලා අස්වෙයි

අපචාර චෝදනා එල්ල වූ මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් පී.රණේපුර පැවසුවේ එම ආයතනය සඳහා වැඩබලන විදුල්හපතිවරයෙකු පත්කර ඇති බවයි.

ඉල්ලා අස්වූ මොරටුව ජර්මානු තාක්ෂණ කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා විසින් සිදු කළ අපචාර ක‍්‍රියාවක වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වුණා. ඒ පිළිබඳ සාක්ෂි සහිතව චෝදනා එල්ලවී ඇතත් පාලනාධිකාරිය ඔහු සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග නොගන්නා බවට එම ආයතනයේ ආදි ශිෂ්‍යන් මීට පෙර චෝදනා කළා.

No comments:

Post a Comment

Post Bottom Ad