බිත්තර දහදාහේ ඔම්ලට් එක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

බිත්තර දහදාහේ ඔම්ලට් එක

පරිභෝජනයට නුසුදුසු බිත්තර සම්බන්ධයෙන් පසුගිය දිනවල යුරෝපයේ භීතිකාවක් පැතිර ගියද, දැවැන්ත බිත්තර සැනකෙළියක් පැවැත්වීමට බෙල්ජියම කටයුතු කර තිබේ. බෙල්ජියමේ Malmedy නම් නගරයේදී බිත්තර 10,000කින් යුත් දැවැන්ත ඔම්ලට් එකක් සෑදූ සංවිධායකයන් එය නගරවාසීන් 10,000ක් අතර නොමිලේ බෙදාදී තිබේ. 

බෙල්ජියමේ හා නෙදර්ලන්තයේ ගොවිපලවල් වල නිෂ්පාදිත බිත්තර වලට fipronil නම් කෘමිනාශක මුසුවී ඇතැයි මුලින්ම යුරෝපා එකතුවට පැමිණිලි කර තිබුණේ බෙල්ජියමයි. කෙසේවෙතත්, මෙම උත්සවයේ සංවිධායකයන් පවසන්නේ මේ සඳහා බිත්තර ලබාදුන් සැපයුම්කරුවන් ගෙන් අවශ්‍ය තත්ත්ව සහතිකයන් ලැබුණු බවයි. මෙම අපූරු ඔම්ලට් එක සෑදූ උත්සවයේ අවස්ථා කිහිපයක් විදෙස් මාධළ්‍යවේදීන් ගේ කැමරාකාච වල සටහන් වූ අයුරුයි මේ..

 

No comments:

Post a Comment

Post Bottom Ad