දැවැන්ත යානය ගොඩබානවිට ඉදිරි රෝද කොටසට පුද්ගලයෙක් ආ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

දැවැන්ත යානය ගොඩබානවිට ඉදිරි රෝද කොටසට පුද්ගලයෙක් ආ හැටි



ඇමෙරිකානු ගුවන් සේවයට අයත් A321 වර්ගයේ දැවැන්ත යානය  කැරීබියානු දූපත් හි ඩොමිනිකන්  රාජ්‍යයේ  (Dominican Republic) සිට  ෆ්ලොරිඩාහි Miami දක්වා පැමිණියේ පැයකට වඩා කල් ගත කරමින්. යානය අඩි 34000ක් පමණ ඉහළින් පැමිණ තිබුණා.



යානය Miami තොටුපලට ගොඩ බැස්සවීම සඳහා සුදානම්ව එහි රෝද පිටතට ගැනුණා. එවිට පාලක මැදිරියට නිරීක්ෂණය වූයේ යානයේ ඉදිරිපස රෝද සහිත කොටසේ පුද්ගලයෙකු  සිටිනා බවක්. යානය ගොඩ බැස්සවීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කෙරුණා.



ඩොමිනිකන් හි  Las Americas අන්තර්ජාතික තොටුපලේ ආරක්‍ෂිත උපක්‍රමවලින් වසන් වී මෙම පුද්ගලයා යානයට පැමිණි ආකාරය පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad