‘ඉන්දියාවට එරෙහිව තරග 02ක් ජයගැනීම අනිවාර්ය වෙයි’ – ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි අවධානමක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 18, 2017

‘ඉන්දියාවට එරෙහිව තරග 02ක් ජයගැනීම අනිවාර්ය වෙයි’ – ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි අවධානමක



සංචාරක ඉන්දියානු කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන් තරග 05කින් යුත් එක්දින තරගාවලිය අනිද්දා(20) දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. 2019 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ කාල සීමාව සැප්තැම්බර් 30 අවසන් වන අතර ඒ වන විට ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායම් අට ලෝක කුසලානය සදහා නිතරගයෙන් සුදුසුකම් ලබයි.

ප‍්‍රසාද ලකුණු 88ක් ලබා දැනට එක්දින ශ්‍රේණිගතකිරීම්වල 08වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලානය සදහා නිතරගයෙන් සුදුසුකම් ලැබිමට මෙම තරගාවලියේ තරග දෙකක් ජයගැනීම ප‍්‍රමාණවත්  වෙයි. මේ වන විට 09වැනි ස්ථානයේ සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 78ක් ලබා සිටින අතර සැප්තැම්බර් 13වනදා අයර්ලන්තය සමග පැවැත්වෙන තරගය හා ඉන් අනතුරුව එංගලන්තය සමග පැවැත්වෙන තරගාවලිය 5-0ක් ලෙස ජයගතහොත් ඔවුන්ට ප‍්‍රසාද ලකුණු 10ක් එක්වෙයි

ඒ අනුව කොදෙව්වන්ට ලබාගත හැකි උපරිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 88ක් වන අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලිය සදහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමට නම් ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියේ තරග දෙකක් ජයගැනීම ප‍්‍රමාණවත් වෙයි.

India wins 5-0 — India 117 points; Sri lanka 86 points.

India wins 4-1 — India 115 points, Sri Lanka 88 points.

India wins 3-2 — India 113 points, Sri Lanka 90 points.

Sri Lanka wins 3-2 — India 111 points, Sri Lanka 91 points.

Sri Lanka wins 4-1 — India 109 points, Sri Lanka 93 points.

Sri Lanka wins 5-0 — India 106 points, Sri Lanka 94 points.

No comments:

Post a Comment

Post Bottom Ad