ඩෙංගු රෝගීන්ගේ සියයට 66ක අඩුවීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

ඩෙංගු රෝගීන්ගේ සියයට 66ක අඩුවීමක්

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ පළමු දෙසතිය තුල සියයට 66 ක අඩුවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි. 2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 132488 ක් වාර්තා වී ඇත.කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලින් රෝගීන් බහුල වශයෙන් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ඩෙංගු මදුරු මර්දන කටයුතු අඛණ්ඩව සිදු කරනු ලබන බවත් ඊසාන දින මෝසම් වර්ෂාවත් සමග විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල රෝගීන් වැඩිවීමක් සිදු විය හැකි බවත් සඳහහන් වේ. ඒ සදහා ක්‍රියාත්මක වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් 2017 සැප්තැම්බර් 20 සිට 26 දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත බවත් ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත්හි ඩෙංගු රෝගීන්ට සත්කාර කිරීමේ ක්‍රමවේදය හා රෝග වැළැක්වීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරිම හා සමාලෝචනය සදහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ඩෙංගු රෝගය පැතිරීම වැළැක්විම සදහා අවධානම් දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමග සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් සිදු කරන අතර 2014 වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා ජනාධිපති කාර්ය සාධක බලකාය සමග පරිශ්‍ර 1,925,542 ක් පරීක්ෂා කර ඇත. ඉන් සියයට 20 ක් මදුරුවන් බෝවිය හැකි සේ තබාගෙන ඇති අතර, සියයට 2 ක මදුරු කීටයින් හමුවී ඇති අතර ඊට අමතරව කීට විද්‍යා සමීක්ෂණ අනුව තවදුරටත් ආයතන, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා සහ ආගමික ස්ථාන අවධානම් පරිශ්‍රවන අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඉවත් කිරිම නොකඩවා සිදු කළ යුතු බව අවධාරණය කරයි.

තද උණ සහ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු ලප හට ගැනිම සහ රුධිර වහන තත්වයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී වෛද්‍ය උපදෙස් ලබාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad