"ඊනියා දේශපාලඥයන්ට හැදෙන්න හොඳම තැන හාලිඇල" - ඩිලාන් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 17, 2017

"ඊනියා දේශපාලඥයන්ට හැදෙන්න හොඳම තැන හාලිඇල" - ඩිලාන් (VIDEO)

ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් රට ගිනි තැබීම දැන් හෝ නවතා දැමිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ “දිනවමු හාලි ඇල” වැඩසටහන යටතේ ග්‍රාමීය මාර්ග සංවර්ධන  ව්‍යාපෘතියට අදාළව පැවති වැඩසටහනකදීය.

සිංහල බෞද්ධ ලේබලය යටතේ මිනිසුන් මුලා කරන ඊනියා දේශපාලකයන්ට හැදෙන්න හොඳම තැන හාලිඇල බවත් අවම වශයෙන්  හාලිඇලෙන් හෝ ජාතික සමඟිය උගත යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය. මේ අතර කවුරු විරුද්ධ වුවත් අනිවාර්යයෙන්ම 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  යටතේ පළාත් සභාවලට හිමි බලතල දිය යුතු බවත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්පුර්ණ සහය දිය යුතු බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාද උතුරේ ජනතාවට බොරු පැවසීම නවතා දැමිය යුතු බවත් ජන්ද ලබා ගැනීමේ අරමුණින් විග්නේශ්වරන් මහතාද ජාතිවාදය වපුරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad