ලංකා ඉතිහාසයේ අධිකරණයක් මගින් පාර්ලිමේන්තුවෙන් නෙරපු රාජිත සේනාරත්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 16, 2017

ලංකා ඉතිහාසයේ අධිකරණයක් මගින් පාර්ලිමේන්තුවෙන් නෙරපු රාජිත සේනාරත්න

1997 – 1998 වසර වල එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සමාජිකයකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු හා ඔහුගේ සහොදරයා හවුල්කරුවන් වු සේනාරත්න ඇසෝසියේට් ව්‍යාපාරය මගින් කල් ඉකුත් වූ බෙහෙත් ත්‍රිවිද හමුදාවට ලබාදී තිබුනි. 

කල් ඉකුත් වු බෙහෙත් ආනයනය කර රත්මලානේ නිවසක තබාගෙන කල් ඉකුත් වු ලේබලය ගලවා දිනය වෙනස්කර ලේබල් අලවා ත්‍රිවිද හමුදාවට බෙහෙත් ලබාදුන්නේ මේ තක්කඩි දේශපාලුවාය.  අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව එම ස්ථානය වට කර මේකටයුත්ත පිළිබදව මහාධිකරනයට අධිචෝදනා ඉදිරිපත් කරන ලදි. එම නඩුවේ අවසාන තීන්දුව ලබාදෙන දිනට පෙර දින මීගමුව හෝටලයක එම මහාධිකරණ විනිසුරුවරයා සමග රාජිත සේනාරත්න එකට කා බී මහාධිකරණ වින්සුරුවරයා හට මුදල් ලබාදී එම නඩුවෙන් නිදහස් විය.

නමුත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දුශිත ගනුදෙනු වල යෙදීම පිළිබදව අධිකරණය හමුවේ නඩු පැවරීමට ඩිලාන් පොරේරා අමාත්‍යවරයා කටයුතු කලේය. එහිදි ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ නිතීඥ වරයාවුයේ  විජේදාස රාජපක්ෂ මහතායි. රාජිත සේනාරත්නගේ නීතිඥ සහය සදහා චොක්සි මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂ නීතිඥ මන්ඩලයක් නඩුවට ඉදිරිපත් කර දින 16ක් අධිකරණයේ නඩුව විභාග විය අවසානයේ රාජිත සේනාරත්න වරදකරු කර ඔහුගේ මන්ත්‍රි ධුරය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන මොහොතේ පටන් අහොසි කරනු ලබන බවට අධිකරණයේ තීන්දු විය. 


එසේ දූෂිතයකු ලෙස තීරනය කර පාර්ලිමේන්තුවෙන් නෙරපු එකම දේශපාලකයා රාජිත සේනාරත්නය. එහෙත් මාස කීපයක් ගත වන විට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන්නේය එම මන්ත්‍රීධුරය ලබා ගනිමින් රනිල්ට කොකා පෙන්නා මහින්ද පිලට එකතුවිය එසේ එකතු වීමට හේතු වුයේ රාජිත සේනාරත්න එ.ජා.ප ඉඩම් අමාත්‍යවරයා ලෙස සිදුකල කෝටි ගනනක වන්චා හෙලිවෙතයි බියෙනි.

එදා රාජිත රනිල් ගේ ආන්ඩුවේ ඇමතිකමෙන් පසුව මහිනදගේ ආනඩුවේ ඇමතිකමටත් පසුව මෛත්‍රි රනිල් ආන්ඩුවේ ඇමතිකමත් ලැබුනි. මේ වගේ තක්කඩි දේශපාලුවන් සෑම ආණ්ඩුවකම ඇමතිකම් ලබාදීම නිසා ලංකාවේ ජනතාවට දේශපාලනය තිත්ත වී ඇත.


colombojournal.com

No comments:

Post a Comment

Post Bottom Ad