උමාඔය බලන්න ගිය මහින්දව නිවසක් තුළ සිරකරගෙන විසදුම් ඉල්ලයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

උමාඔය බලන්න ගිය මහින්දව නිවසක් තුළ සිරකරගෙන විසදුම් ඉල්ලයි (VIDEO)

උමාඔය බහු කාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වී ඇති ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කැබිනට් අනු කමිටුව ඊයේ (3) බණ්ඩාරවෙල ප්‍රදේශයේ ක්ෂේත්‍ර අධ්‍යනයක් සිදු කිරීමට නියමිතව අතර ත්‍රිපුද්ගල කමිටුවෙන් සහභාගි වූයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පමණි.

ඒ අනුව ඊයේ මහින්ද අමරවීර අමාත්‍යවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඊයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ක්ෂේත්‍ර අධ්‍යනයක නිරත වූ බව සඳහන් වේ. මෙම ව්‍යාපෘතියේ බලපෑමෙන් පුපුරා ගිය නිවාස, සිදී ගොස් ඇති ළිං ඇතුළු දිය උල්පත් පිළිබඳව අමාත්‍යවරුන් නිරීක්ෂණය කළ අතර උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය හා එමඟින් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී සොයා බැලූ බව වාර්තා වේ.

අමාත්‍යවරුන් ඇතුළු පිරිස බණ්ඩාරවෙල උඩබේරුව ප්‍රදේශයේ සිටින බව දැනගත් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු වූ සමන්ත විද්‍යාරත්න මහතාද එම ස්ථානයට පැමිණි බව වාර්තා වේ. එහිදී දැඩි ලෙස හානි වූ නිවසක් අමාත්‍යවරයා පරික්ෂා කරන අවස්ථාවේදී එම නිවසේ ඇති අවදානම් තත්වය සැලකිල්ලට ගෙන ඉන් ඉවත්වන ලෙස බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණය සහකාර අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවද සඳහන්.

ඒ උපදෙස්වලට අනුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිවසින් පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී  විසදුමක් ලබා නොදී පිටතට නොයන ලෙස සමන්ත විද්‍යාරත්න මහතාගේ ඉල්ලීමත් සමඟ හට ගත්තේ උණුසුම් තත්වයකි. අනතුරුව අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය “මම උදෑසන ඒ ස්ථාන පරික්ෂා කරන්න ගියා.නමුත් ගෙවල් කිහිපයකට යන වෙලාවේ මේ මාධ්‍යවේදීනුත් දකින්න ඇති සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීතුමත් එකතු වුණා.අද උදෙත් ආරංචි ලැබුණා මෙතන කඩාකප්පල්කාරී ක්‍රියාවක් යම් දේශපාලන කණ්ඩායමක් ඉන්න බව.

මේ ප්‍රශ්නයේදී දේශපාලන කෝණයෙන් බලන්න එපා.මේ ප්‍රශ්නයට විසදුමක් ලබා ගැනීම සඳහා සියලුදෙනා සහයෝගය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.මාත් එක්ක හොදට ගියපු සමන්ත විද්‍යාරත්න මහතා ඉතාමත් අවදානම් ගෙයකට ගෙනිහිල්ලා එතුමා එතැනදී සම්පුර්ණයෙන් වෙනස් වුණා.මට එකසරේට කිව්වේ මේ ගේ ඇතුළේ ඉදලා වචනයක් දෙන්න කියලා.මේ පිළිබඳව තීන්දුවක් අපි විශේෂඥයන්ගේ අදහස් අරගෙන අපි මේක දෙන්න කියලා.

මේක ජනාධිපති තුමාටවත් මටවත් මේ ඉන්න අපේ කමිටුවටත් මේක මිනිස්සුන්ගේ විරෝධය මැද්දේ කරගෙන යන්න ඕනෙත් නෑ.අපිට තීන්දුවක් ගන්න අපිට සම්පුර්ණ ඒ විශේෂඥ මතය අනුව මේක නැවැත්විය යුතුයි කියලා යම් මතයක් අවොත් ඒ පිළිබඳව කටයුතු කරයි.අපිට දැනටමත් ස්විස්ටර්ලන්තයේ විශේෂඥයෙක් මේ පිළිබඳව වාර්තාවක් ලබා දීලා තියෙනවා.

ඒ වගේම අපේ මේ පිළිබඳව ඉන්නවා ඉහළම දැනුම තියෙන කණ්ඩායම් ඉන්නවා.ඇත්තටම මේ පිළිබඳව උදේ සාකච්ජාවක් පැවැත්තුවා.ඒ අයත් මේ පිළිබඳව යම් යම් මත ඉදිරිපත් කළා.දේශපාලඥයෙක් වශයෙන් මම තීන්දුවක් ගන්නවට වැඩිය හොඳ අපි හවස රැස්වීමේදී සාකච්ජා කරලා ඒ මතය ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කරමු.”

No comments:

Post a Comment

Post Bottom Ad