සෞදි කුමරු හදිසියේම ලංකාවට - ජනපති, මුදල් ඇමැති සමග සාකච්ඡා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

සෞදි කුමරු හදිසියේම ලංකාවට - ජනපති, මුදල් ඇමැති සමග සාකච්ඡා

සෞදි රාජ්‍යයේ කිරුළ හිමි අබ්දුල් අසීස් අල්සෞද් කුමරු කෙටි එහෙත් නිල සංචාරයක් සඳහා අද (04) පෙරවරුවේ හදිසියේම දිවයිනට පැමිණියේය. 

අද පෙරවරු 11.20ට කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට ළගාවූ අබ්දුල් අසීස් අල්සෞද් කුමරු ගුවනින් කොළඹ පැමිණ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සෞදි කුමරු සහ විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා අතර හමුවක් මධ්‍යහ්න 12.30ට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වේ. සෞදි රජ පවුලේ සාමජිකයෙකු වන අල්සෞද් කුමරු එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයෙකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් යළි දිවයිනෙන් පිටත්ව යනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad